පේරු අන්තර්වාර ජනාධිපති හෝසේ ජෙරී, එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, සති ගණනක් තිස්සේ පැවැත්වෙන රජයට එරෙහි විරෝධතා උත්සන්න වීම සැලකිල්ලට ගනිමිනි.
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රජයට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව යෙදවීම පවා කළ හැකිය. මේ වනවිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවා ඇති බවත්, එය විරෝධතාකරුවන්ගේ කෝපය හේතුවක් වී ඇති බවත් පැවැසෙයි.
එම හදිසි තත්වය දින 30 ක කාලයක් දක්වා බලපැවැත්වෙන බව ද ජනාධිපතිවරයා පවසා ඇත. හෝසේ ජෙරී, වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ මෙසේ හදිසි නීතිය පැනවීම කළේ රටේ හටගත් නොසන්සුන්කාරී තත්වය සමථයකට පත් කිරීමට යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd