පේරු ලේඛකයකු සහ නොබෙල් ත්‍යාගලාභියකු වන මාරියෝ වර්ගාස් ලෝසාගේ අභාවය හේතුවන්, පේරු රටේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කිරීම ද සිදුවෙයි.

89 හැවිරිදි වර්ගාස් ලෝසා අභාවප්‍රාප්ත වූයේ පසුගිය සති අන්තයේය. ඔහු ලීමා නුවර පදිංචිවී සිටියේය. අවසන් කැමැත්තට අනුව, ලෝසාගේ දේහය ආදාහනය කිරීමට නියමිතය.

එමෙන්ම කිසිදු රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ නැති බව ද රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. රාජ්‍ය උත්සවයක් පැවැත්වීම සිදු නොවන්නේ වර්ගාස් ලෝසාගේ අවසන් කැමැත්තට ගරු කරමිණි.

(අල් ජසීරා)