පේරු රාජ්‍යයේ ලිමා අගනුවරට උතුරින් පැසමයූ ප්‍රදේශයේ ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වී ප්‍රපාතයකට ඇදවැටීම හේතුවෙන් 36 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් දිවි බේරාගත් හයදෙනෙක් රෝහල් ගත කළ බව බලධාරීහු පවසති.
අනතුරුදායක මාර්ගයක ගමන්ගත් බස් රථය වංගුවක් ගැනීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක හැපීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 50ක් පමණ ගමන් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පේරු රජය පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd