
දෝෂාභියෝගයකින් නෙරපා දැමුණු පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට රැකවරණ ලබා දීමට තමන් සූදානම් යැයි මෙක්සිකෝ රජය පවසා ඇත.
මෙක්සිකෝ රජය මෙසේ පැවැසුවේ 53 හැවිරිදි කැස්ටිලෝ, සිය නීතිඥවරයාගේ මාර්ගයෙන්, දේශපාලන රැකවරණ දෙන්නැයි මෙක්සිකෝ රජයෙන් ඉල්ලා ඇති බැවිනි. පේරු පමණක් නොව, මෙක්සිකෝව ද ලතින් ඇමෙරිකා කලාපයට අයත් රටවල්ය.
පේද්‍රෝ කැස්ටිලෝ දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කෙරුණේ ඔහු ජනාධිපති බලතල අවභාවිතයට ලක් කළ බැවිනි. කැස්ටිලෝ උත්සාහ ගත්තේ පේරු පාර්ලිමේන්තුව (කොංග්‍රසය) විසුරුවා හැරීමටය.
කැස්ටිලෝ සහ ඔහුගේ පවුලේ අයට දූෂණ චෝදනා ද එල්ල වී තිබේ. දොෂාභියෝගයෙන් ඉවත් කෙරුණු සැණින්, කැස්ටිලෝ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි. චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd