
අර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි.
දෝෂාභියෝගයට පේද්‍රෝ කැස්ටෙලෝගේ පාලක පක්ෂයේ බොහෝ සාමාජිකයන්ගේ පමණක් නොව උප ජනාධිපතිනී ඩීනා බොලුරේට්ගේ සහාය හිමිවිය.
කැස්ටෙලෝට ජනාධිපති ධුරය අහිමිවීමෙන් පසු ජනාධිපති ධුරයට උප ජනාධිපතිනී ඩීනා බොලුරේට් සුදුසු යැයි පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබුණි.
ඒ අනුව, බොලුරේට් පේරු නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නාය. ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.
53 හැවිරිදි පේද්‍රෝ කැස්ටෙලෝ බලයට පැමිණියේ මීට මාස 18 කට පෙරය. පේද්‍රෝ කැස්ටෙලෝ ගුරුවරයෙක් ද විය. පේද්‍රෝ කැස්ටෙලෝ සහ ඔහුගේ පවුලේ අයට දූෂණ චෝදනා එල්ල වීමෙන් අර්බුදය ආරම්භ විය.
අර්බුදයෙන් මිදීමට සහ පක්ෂයෙන් එල්ල වුණු විරෝධය මඟ හරවා ගැනීමට කැස්ටෙලෝ අවස්ථා කීපයකදී කැබිනට් සංශෝධන පවා සිදු කළේය. පක්ෂයෙන්, විපක්ෂයෙන් පමණක් නොව ජනතාවගෙන් ද කැස්ටෙලෝ ට විරෝධයක් එල්ල වන්න විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේරු ජනපති ධුරයෙන් නෙරපා දැමෙයි