IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පියයුරු පිළිකා නසන එන්නතක් එනවා

ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක්, පියයුරු පිළිකා නසන එන්නතක් නිපදවා ඇති බවත්, එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, පියයුරු පිළිකා නසන ලොව පළමු එන්නත වනු ඇත්තේ මෙයයි.

එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඩ් නුවර 'ක්ලීව්ලන්ඩ් ක්ලිනික්' වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ය. පියයුරු පිළිකා වර්ග කිහිපයකි.

එයින්  ඊස්ට්‍රජන්, ප්‍රෝජෙස්ටරෝන් සහ එච්.ඊ.ආර්.2 නමැති හෝමෝන පරීක්ෂණවලින් හඳුනා ගැනීමට නොහැකි මාරක පියයුරු පිළිකා අඩපණ කිරීමට මෙම එන්නත නිපදවා ඇති බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙවැනි මාරක පියයුරු පිළිකා හැඳින්වෙන්නේ 'ට්‍රිපල් නෙගටිව් බ්‍රෙස්ට් කැන්සර්' යනුවෙනි. ඒ, ඊස්ට්‍රජන්, ප්‍රෝජෙස්ටරෝන් සහ එච්.ඊ.ආර්.2 පරීක්ෂණවලින් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි බැවිනි. ඊස්ට්‍රජන් සහ ප්‍රෝජෙස්ටරෝන් යනු ස්ත්‍රී හෝමෝනය.

මූලික අදියරේ පර්යේෂණ සාර්ථක වීමෙන් පසු එන්නත සායනික අත්හදා බැලීම් සඳහා සුදුසු යැයි ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තිරණය කර තිබේ.

ක්ලීව්ලන්ඩ් ක්ලිනික් වෛද්‍ය පර්යේෂණ ආයතනය එන්නත නිපදවා ඇත්තේ 'ඇනික්සා බයෝ සයන්සස්' ඖෂධ පර්යේෂණ ආයතනය සමඟ එක් වෙමිනි.

'ට්‍රිපල් නෙගටිව් බ්‍රෙස්ට් කැන්සර්' රෝගීන් 24 දෙනකුගෙන් 18 දෙනකු මෙම එන්නත ලබා ගෙන සුවය ලබා ඇති බව ද වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට එන්නත මාත්‍රා 3 කින් යුක්ත වෙයි. සති දෙකෙන් දෙකට එම එන්නත් මාත්‍රා 3 ලබා දීම සිදුවෙයි. ලබන 2022 වසර වෙද්දී එන්නත සම්බන්ධයෙන් සියලු පර්යේෂණ අවසන් කිරීමට හැකිවේවි යැයි වෛද්‍ය පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

පියයුරු පිළිකා නසන එන්නතක් එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site