යෝගේෂ් තාරේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි විරාරා ග්‍රාමයේ ජීවත්ව ගොවියෙකි.

පසුගියදා යෝගේෂ් තම ගොවිතැන් නිම කැර නිවසට පැමිණෙන විට ඔහුගේ මවත් බිරිදත් බියෙන් නිවාස ඉදිරිපිටට වී සිටිනු දුටුවේය. යෝගේෂ්ගේ මව ඔහුට කියා සිටියේ අඩි 10ක පමණ දිග පිඹුරෙක් තම නිදන කාමරය මතට රිංගා ඇති බවය.

වහා ක්‍රියාත්මක වූ යෝගේෂ් වනජීවීන් ආරාක්ෂා කරන ස්වෙච්චා සංවිධානයකට ඒ බව දැන්විය.  ඔවුන් පැමිණ පිඹුරා නිවසින් පිටතට ඇද දැමිය.

සත්ව ආරක්‍ෂිත සංවිධානයේ නියෝජිත චන්ද්‍රකාත් තාරුක් කියනුයේ මාස කිහිපයකින් ආහාර නොගෙන සිටි පිඹුරා කුසගින්නට ආහාර සොයා නිවසට ඇතුළු වී ඇති බවයි.

08-01