IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පෙම්වතිය මැරූ ඔස්කා පිස්ටෝරියස්ට ඇප

සිය පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පැරා ඔලිම්පික් පදක්කම් ලාබී දකුණු අප්‍රිකා මළල ක්‍රීඩක ඔස්කා ප්‍රිස්ටෝරියස්ට යළි ඇප ලබාදීමට එරට අධිකරණය අද තීන්දු කළේය.

උතුරු ගවුටෙන්ග් මහාධිකරණය 2016 අප්‍රේල් 18 වැනිදාට නඩුව කල් තැබූ අතර ඒ වනතුරු පිස්ටෝරියස් නිවාස අඩස්සියේ තැබීමටත් දකුණු අප්‍රිකා රෑන්ඩ් 10,000 ක (ශ්‍රී ලංකා රුපියල් 97935) ඇප ලබාදීමටත් නියෝග කළේය.

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය පිස්ටෝරියස් ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ඔහු කර ඇත්තේ සාපරාධී මිනීමැරුමක් බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පිස්ටෝරියස්ට පෙරවරු 7 සිට මධ්‍යහනය දක්වා කාලය තුළ නිවසේ සිට කිලෝමීටර් 20ක් ඇතුළත ගමන් කිරීමට පමණක් ඉඩ ලැබෙනු ඇත.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද පරීක්ෂණ නිලධාරීන් බාරයට ගැනිණි. පිස්ටෝරියස්ගේ නීතිඥයා පැවසූයේ එම තීන්දුවට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

වසර 5කට සිර දඬුවම් නියමවූ පිස්ටෝරියස් පසුගිය ඔක්තෝබර් මාසයේදී වසරක සිර දඬුවම් ලැබීමෙන් පසු නිදහස් කර නිවාස අඩස්සියේ තැබීමට අධිකරණය තීන්දු කර තිබිණි.

2013 වසරේදී ඔස්කා පිස්ටෝරියස්ගේ උපන් දිනයදා ඔහුව පුදුම කිරීමට ඔහු නිදා සිටි අවස්ථාවේ නිවසට පැමිණි ඔහුගේ පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප්ට වෙඩි තැබීමෙන් ඇය ජීවිතක්ෂයට පත්විය.

තමා හිතාමතා එසේ නොකළ බවත් නිවසට එක්වරම කිසිවකු පැමිණ අනතුරක් කිරීමට උත්සාහ කරතැයි සිතා තමා වෙඩිතැබූ බවත් පිස්ටෝරියස් අධිකරණයට කියා තිබිණි. අනතුරක් සිදුවෙතැයි බියෙන් ඔහු නිතරම පිස්තෝලයක් ළඟ තබාගෙන නිදාගන්නා බවත් එයින් පෙම්වතියට වෙඩි තබා ඇතැයිද අනාවරණය වී ඇත.



අදහස් (0)

පෙම්වතිය මැරූ ඔස්කා පිස්ටෝරියස්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site