ඇමෙරිකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් ජනරාල්වරයෙකු කාන්තා ලුතිනල් කර්නල්වරියක සමඟ පවත්වාගෙන ගිය අයුතු සම්බන්ධයක් නිසා ඔහු එම ධුරයෙන් ඉවත් කළ බවට ඒ.බි.සි පුවත් වාර්තා කරයි.

ලුතිනන් ජෙනරාල් ජෝන් හෙස්ටර්මන් නම් ඔහු මාණ්ඩලික ගුවන් හමුදා සහකාර ධුරයෙන් මෙලෙස ඉවත් කර තිබේ.

මෙම සම්බන්ධය අවුරුදු ගණනාවක සිට පැවති ඇති අතර වසර පහකට පෙර හුවමාරු වූ ඊ-මේල් පණිවුඩ කිහිපයක් නිසා මෙය හසුව තිබේ.

ගුවන් හමුදාව විසින් කරන ලද පරීක්ෂණයකදී මේ බව හෙළිදරව් වී ඇත.

ගුවන් හමුදාව තුල රාජකාරියෙන් බැහැරව අයුතු සම්බන්ධයක් පවත්වාගෙන යාම ඔහුට ඇති චෝදනාවයි. ඔහු තරු තුනක නිලයකින් මෙලෙස ඉවත් කොට ඇති අතර ඔහුට එම නිලයෙන් විශ්‍රාම ගැනීමට ඉඩ දෙනවාද යන්න එරට ගුවන් හමුදාව මෙතෙක් තීරණය කර නැති බවද සදහන් වේ.