තම යෙහෙළියගේ කෝපි වීදුරුවට සයනයිඩ් දමා එය පානය කිරීමට සලස්වා ඇය ඝාතනය කළැයි ඉන්දූනීසියාවේ තරුණියකට වසර විස්සක සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වෙයි.

අධිකරණයේදී මෙලෙස වරදකාරිය වූ ජෙසිකා වොන්සෝ විසින් ඇණවුම් කළ කෝපි වීදුරුව පානය කිරීමෙන් විනාඩි කිහිපයකට පසුව ඇගේ යෙහෙළිය මිය ගියාය.මරණ පරීක්ෂණයේදී මිය ගිය තරුණියගේ ශරීරයට සයනයිඩ් ඇතුළු වී ඇතැයි තහවුරු විය.

මෙම ඝාතන නඩුව ‘කෝපි ඝාතක‘නඩුව ලෙස එරට ප්‍රසිද්ධ විය.මිය ගිය තරුණියට සාධාරණය පතා බොහෝ පිරිස් විරෝධතා කළහ. මිය ගිය තරුණිය වොන්සෝට ඇගේ පෙම් සම්බන්ධතාවය නවත්වන ලෙස දැනුම් දීම නිසා ඇයව ඝාතනය කරන්නට ඇති බව විරෝධතාකරුවෝ පවසති.

තමන් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව වොන්සෝ අධිකරණයේදී කීවාය.එමෙන්ම නඩු තීන්දුව පිළි නොගන්නා බවත් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කරන බවත් ඇයගේ නීතිඥවරු පවසති.

නඩු කටයුත්ත දැක බලාගැනිමට විශාල පිරිසක් ජකර්තා උසාවි භූමියට පැමිණි සිටි අතර පිරිස පාලනය කිරීමට යාමේදී පොලිසිය හා එම පිරිස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

වොන්සෝට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ද හිමි බව පොලිසිය කියයි.

Untitled-3

(මිය ගිය තරුණියට සාධාරණය පතමින් විරෝධතා පැවැත්වු අයුරු)

DFFEF

(නඩු කටයුත්ත දැක බලාගැනිමට පැමිණි පිරිස් ජකර්තා උසාවි භූමියේ රැස්ව සිටි අයුරු)

(ඡායාරූප-ඒ.එෆ්.පී / ගෙටී ඉමේජස්)