සරණාගතයන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ මහ බ්‍රහස්පතින්දා (24) ඉතාලියේදී සරණාගත පිරිසකගේ දෙපා සේදීමේ නිරත වූහ.
හින්දු, මුස්ලිම් හා කතෝලික සරණාගතයන් 11 දෙනකුගේ දෙපා සෝදා දෙපා සිපගත් පාප් වහන්සේ බ්‍රසල්ස් හා පැරිස් ප්‍රහාරවලින් පසුව ලොව පුරා ඇතිවී ඇති මුස්ලිම් විරෝධී හා සරණාගත විරෝධී වැඩපිළිවෙළ වෙනස් කළ යුතු බව කියා පෑහ.
පාප් වහන්සේ තමන්ගේ දෙපා සිපගනිද්දී සරණාගත පිරිස් කඳුළු සැලූ බවද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බුදුන් සරණ ගිය කෙනෙක්. එත් කිසිම ආගමකට ගරහන්නේ නෑ. හැම ආගමකටම ගරු කරනවා. හිරානිත් ඒ වගේ හිතන්න පුරුදු වෙනවනම්...(රේ)
පාප්වහන්සේ අනුගාමිකයන් රට රටවල් වලින් 12ක් තෝරා දේපා සෝදා සිඹීමින් සිහිපත් කරන්නේ කතෝලික ආගමේ පාස්කු වලට පෙර කරන චාරිත්‍රයක් සිහිපත් කරන්නයි. මෙවර විශේෂය, ඉන්න තැනක්, යන්න තැනක් , කන්න දෙයක් නැති යුද්දයෙන් අසරණ වී පැමිනි පිරිසක් තෝරා ගැනිමය. ලොවේ වෙසෙන මම පෝසතා , මම උගතා, මම බුද්ධිමතා, මම පළවෙනියා කියා සිතන්නන් හට පාප්තුමා පණිවිඩයක් දී ඇත. (බ)
මේක නිකම් බොරු සෝබන වැඩක්, මේවා දැකල ඇඩෙන්නේ අපි වගේම තුන්වල ලෝකයේ, තුන්වන පන්තියේ ජනතාවට විතරයි. ජේසු තුමා හිටියේ එඩේර යුගයේ. මේ නවීන ලෝකෙත් තාම කරන්නේ අන්න ඒ එඩේර සිරිත්. බටහිර ජාතීන්වත්, මාධ්‍යවත් මේවගේ දේවල් වැඩිපුර ගණන් ගන්නේ නැහැ. (බ)
පාප් තුමන් තිදෙනකු දැක ඇත. මොහු එම තනතුරට වඩාත්ම සදරණය ඉටු කරයි. (අ)
පාප් වහන්සේ මොනවද මේ කරන්නේ .... (ර)
සැබෑ ආගමික නායකයෙක් ඒ වාගේම රාජ්‍ය නායකයෙක් කියන එකත් අමතක කරන්න එපා. හොඳ ආදර්ශයක්. මේ සිඹින්නේ අන්‍ය ආගමිකයින්ගේ දෙපා බව සිතට ගන්න. (ර)
මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ලොක්කට කියල ඉක්මනට විසදලා දෙන්නකෝ. (අ)
පුදුම වැඩ තමයි වෙන්නේ.(හේ)
හිරාණි, ඔබ වගේ හිතන මිනිස්සු නිසා තමයි මේ ලෝකයට ඔයතරම් ප්‍රශ්න (නි)
මම දන්නා තරමට මේක කතෝලික ආගමේ පාස්කු වලට පෙර කරන චාරිත්‍රයක්. අතීතයේදී යේසුස් තුමා කලදෙයක් සිහිපත් කිරීමට මෙය සිදුකරන බැවි මගේ මතකයේ තියෙන්නේ.. වැරදි නම් නිවැරදි කරන්න. (ර)
ආගමික නායකවරුන්ට කොයි ආගමේ වුණත් මොන ජාතියේ වුණත් කමක් නැහැ ඔවුන්ගේ සේවය ලබාදිය යුතුයි. පාප් වහන්සේ ඉටු කරන්නේ එයයි. ඉහත හිරාණි, අබේරත්න වගේ අදහස් දාන අය සිටීම ගැන කණගාටුයි (නි)
මේක මේ පාප් වහන්සේ විතරක් හිතලා කරන එකක් නෙමෙයි. යේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන් දොළොස්දෙනාගේ පාද සිඹීම සිහිපත් කරන්නයි මේක කරන්නේ මහා සිකුරාදා දිනයන්වලදී. (ර)
සත්තු පිරිමි සත්තු ගැහැණු ඔය දෙවර්ගයම සතුන්ටත් අන්ත සතුන්ගේ පාසල් වලට ගිය අය තමා ගොඩක් කොමෙන්ට් කරලා තියෙන්නේ.ලංකාවේ තමා ආගම් වලට ගරහන නුගත් ගෝත්‍රික මිනිසුන් ඉන්නේ .සියලුම ධර්මයන්ට ගරු කරන්න පුරුදු වෙන්න (බ)
මම ආසයි චතුරිගේ නමයි ලිපිනයයි දැන ගන්ට. ඉස්කෝලේ නම් නොගියත් කමක් නැහැ .(බ)
මේවා සෝබනයට කරන දේවල් මේවයින් කාටවත් සෙතක් වෙන්නේ නැත. කකුල් සිඹිනවට වඩා හොඳයි මේ මිනිසුන්ට පාවහන් ලබාදෙනවනම්. එක්තරා කොටසකට මේවා බොහොම ලොකු දේවල්. මිනිසුන්ගේ කකුල් සිම්ඹාකියල වෙන සෙත කියන්න? මෙතන අය පාසල් ගිය නිසා තමයි තර්කානු කුලව කරන සෝබන වැඩවලට විරුද්ධව ලියන්නේ නැතිනම් මැට්ටෝ වගේ සාදු සාදු කියල පිළිගනීවි. පාප්තුමාව අනුමත කොරනවානම් ඕගොල්ලොත් අසරණ මිනිසුන්ගේ කකුල් සිඹ සිඹ ඉන්න. (බ)
සංජය අපිට බෝධිපුජාවේ පිහිට ගොඩක් දැනෙනවා හොදේ. (ර)
සංජය,සුද්ද තුවක්කුව දික් කරලා ඒකට බයේ සුද්දගේ ආගම වැළදගෙන රෝමෙට පාරම් බන්නේ නැතුව ඉන්න බලන්න! (බ)
හිරානිට කියන්න තියෙන්නේ ඔය දැවෙන ප්‍රශ්න වලට බෝධි පූජාවක් හරි තියලා සුළු හෝ සහනයක් ලබාගන්නා ලෙසයි (නි)
අබේරත්න, නිකන් බොරුවට කාටවත් කඩේ යන්න එපා (නි)
අත සිප ගත්තා නම් කමක් නැහැ කකුල සsප ගැනීම සුදුසු නැහැ පාප්වහන්සේගේ මෙවැනි ක්‍රියා මම අනුමත කරන්නේ නැහැ (බ)
මම බෞද්දයෙක් හැටියට කියන්නේ මේ පාප් වහන්සේ තමා මෙතුවක් කාලයකට සිටි හොඳම පාප් වහන්සේ උන්වහන්සේ ලෝකයේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා ,(කෞ)
මේවා හොඳ මෙගා නාට්‍ය. අපි දන්නවනේ මේ අය රටවල් අල්ලාගෙන කොරපු වින්නැහිය. ඒ කාලේ බලෙන් පටවපු ආගම දැන් සල්ලි විසි කරලා කොර ගන්නවා.මෝඩ දුප්පත් මිනිස්සු මේවා හිස් මුදුනෙන් වැලද ගන්නවා. (කෞ)
හිරාණි, ඔබ ගිය පාසලේ නම දැනගන්න කැමතියි (නි)
කකුල් සිඹීමෙන් ප්‍රශ්න විසැදේවිද? පිස්සු වැඩක්...(බ)
අනේ දෙවියනේ! මගේ ඇස් දෙකට කඳුළු ආවා (නි)
සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙක් ගේ කකුල සිපින එක ලෝකෙටම දෙන හොඳ ආදර්ශයක් වර්ගවාදයට. කළුහම නිසා අපි විඳින දුකක්. (ස)
මිනිස්සුන්ගේ කෙසේ වෙතත් හිරාණිගේ දැවෙන ප්‍රශ්නේට කතෝලික ආගම ගාවගන්න එපා. නුවන් සුද්දගේ කලිසම් අදින්නත් එපා අද ඉදන්.(බ)
අබේරත්න. නිතරම ඇසුරු කරන්න. පාසල්. ගිය කට්ටියව ඒ. අය ළග. ගුණ දහම්. පිරිලා. ඔයාට. එතකොට. කඩේ යන්නේ. නැතිව කෙලින් හිටගන්න පුළුවන් (බ)