
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි.
දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය.මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස් වාසසථාන පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරයි.
විනාශය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිරීමත් සමග රියෝ ටින්ටෝ සමාගම තමන් අතින් සිදුවූ වරද සම්බන්දව සමාව ඉල්ලා සිටි අතර තමන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කරන බවට ද පොරොන්දු විය.සිද්ධිය සම්බන්ධයෙන්, මෙම වසර මුලදී සමාගමේ ප්‍රධාන විධායක ජින් සෙබස්තියන් ජැක් ඇතුළු ප්‍රධාන නිලධාරීහු කිහිපදෙනෙක් ඉල්ලා අස්වූහ.
රියෝ ටින්ටෝ සමාගමේ ක්‍රියාකාරීත්වය විමර්ධනය කිරීම සහ එම භූමියේ සාම්ප්‍රදායික අයිතිකරුවන් වන පුටුකුන්ටි කුර්මා සහ පිනිකුර ජනතාවට සිදුවී ඇති හානිය තක්සේරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
පසුගිය වසරේ මැයි මාසයේ සිදුකළ මෙම විනාශයට රියෝ ටින්ටෝ සමාගමට සමාව දිය නොහැකි යැයි ද ගුහා අයිතිකරුවන්ට වන්දි ගෙවිය යුතු යැයි ද බදාදා (09) ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ප්‍රදේශයේ සියලුම පතල් කැණීම් තහනම් කිරීම සහ උරුමයන් ආරක්ෂා කිරීමේ නීති වෙනස් කිරීම ඇතුළු නිර්දේශ හතක් වාර්තාවේ ඉදිරිපත් කර ඇත.ගුහා විනාශ කිරීම ඔවුන්ගේ අරමුණ නොවූ බවත් සිදුවූ වරද නිවැරදි කිරීම සඳහා දැවැන්ත පරිශ්‍රමයකින් කටයුතු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් රියෝ ටින්ටෝ සමාගම පවසා තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd