දකුණු දිග නයිජීරියාවේ නිවි නගරයේ  කාර්මික වායු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවු පිපිරීමකින් සියයකට වඩා වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ආහාර පිසීමට ගන්නා බියුටේන් නැමැති  වායුව ට්‍රක් රථයකින් නිකුත් කරමින් සිටිය දී ය.  

සිද්ධිය ඇසින් දුටුවෙක් මාධ්‍යයට පවසා ඇත්තේ පිපිරීම සිදුවීමට මූලාරම්භය ඇතිවුයේ  ගෑස්  නිකුත් කිරීමට පෙර අත්‍යාවශ්‍යයෙන්ම තැබිය යුතු   සිසිලන කාලය  නොතබා එක්වරම ට්‍රක් රථය  ගෑස්  නිකුත්  කිරීම බවයි.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ තම ගෑස් නලවල ගෑස් පුරවා ගැනිමට පැමිණි පුද්ගලයන් සහ ඒ අසලින් ගමන්කර ඇති පුද්ගලයින් පිපිරීම හේතුවෙන් අනතුරට පත්වු බවයි.

පිපිරීම හේතුවෙන් ඇතිවු ගින්න නිවාදැමීමට ගිනි නිවන භටයන්ට සහ අවට පදිංචි කරුවන්ට පැය ගණනාවක් ගතවු බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.