IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පුපුරා යතැයි කියූ යානය නිරුපද්‍රිතයි

මිනිත්තු හයකින් පුපුරා යා හැකියැයි උඩු ගුවනේ දී මගීන්ට අනතුරු ඇඟවූ යානයක් නිරුපද්‍රිතව ඉතාලියේ වැනීසි නගරයේ ගුවන් තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපා ගුවන් බලධාරින් පවසයි.

ක්‍රොඒෂියාවේ ස්ප්ලිට් නගරයේ සිට ප්‍රංශයේ නැන්ටස් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ මේ යානයේ එන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. මේ හදිසි තත්ත්වය හේතුවෙන් විනාඩි හයකින් පමණ යානය පුපුරා යා හැකි බවත් ජීවිතාරක්ෂක කබා පැළඳගන්නා ලෙසත් නියමුවා මගීන්ට උපදෙස් දී ඇත. ඔහු පවසා ඇත්තේ යානය දිය මතට ගොඩබැස්සවීමට සූදානම්වන බවයි.

මගීන් පවසන්නේ සියළු දෙනාම මහත් භීතියට පත්වූ බවයි. ගුවන්යානයේ කාර්ය මණ්ඩලය පවා සුදු මැලි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව සිටි බවත් ටික වේලාවකින් තමන් වෙත පැමිණි නියමුවා බිය නොවන ලෙස හඬමින් පැවසූ බව ද මගීහු කියති.

විනාඩි කිහිපයකට පසු යානය වැනිසියේ මාර්කෝ පෝලෝ ගුවන් තොටට ඉතා අපහසුවෙන් ගොඩබස්වා ඇත. යානයේ කිසිවකුට අනතුරක් සිදුව නැත.

 



අදහස් (0)

පුපුරා යතැයි කියූ යානය නිරුපද්‍රිතයි

සුජීව Thursday, 11 September 2014 06:34 PM

ශ්‍රේෂ්ඨ ගුවන් නියමුවෙක්. ගුවන් කාර්ය මණ්ඩලය සමඟ මඟීන්ගේ මහත් වාසනාවක් ! ඔහුගේ මව්රට විසින් ඔහු අගය කළයුතුය (නි)

:       0       0

කාලිංග Tuesday, 09 September 2014 05:34 PM

වාසනාවට බේරුණු මිනිස්සු පිරිසක්, කොච්චර දෙයක්ද අනතුරක් නොවිච්ච එක, දැන් තියෙන ගුවන් සමාගම් යානාවල තත්වයන් පරීක්ෂා කරන්නේ නැද්ද මන්දා , ලාභ උපයන්න දුවවනවා විතරද දන්නේ නැහැ නඩත්තුවක් නැතුව (ස)

:       0       0

රසිකා Thursday, 11 September 2014 12:05 AM

ගාමිණි මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

කුසේමා Wednesday, 10 September 2014 03:03 AM

ගාමිණි මහතා ඉතා නිවැරදි. ගුවන් නියමුවෙක් යනු මනස ශක්තිමත් නොසැලෙන පුද්ගලයෙකු විය යුතුයි (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 11:33 AM

ගුවන් නියමුවෙක් හඬන්න ඕනෑද? මඟීන්ට වඩා බියවී ඇත්තේ නියමුවා! (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 10 September 2014 03:23 AM

එතුමා හඩා වැටී හෝ අවසානයේ මඟී ජීවිත බේරාගෙන. බොරුවට දෝෂයක් ගැන කියලා නෙමෙයිනෙ. එතුමාටත් තම දරු පවුල් මතක් වෙන්න ඇති. (නි)

:       0       0

කලුපෙරුම Thursday, 11 September 2014 11:18 AM

ගුවන් නියමුවාට අැඩුනේ කඩන් වැටෙන්න ගියපු යානය බේරගත්ත නිසා වෙන්නැති. අනික යානයේ ඉදපු මිනිස්සු ඔක්කොගෙම ජීවිත වලට ඒ වෙලාවේ වගකියන්න ඕන ඒ මනුස්සය නේ (නදී)

:       0       0

සිල්වා බෙර්ලින් Tuesday, 09 September 2014 12:18 PM

ගුවන් නියමුවාට වරදින්න ඇති (නි)

:       0       0

නිමල් Wednesday, 10 September 2014 04:28 AM

දක්ෂයෙකු වූ මෙම ගුවන් නියමුවාට සෙත් පැතිය යුතුයි (නි)

:       0       0

ශාන්ත Tuesday, 09 September 2014 12:53 PM

නියමුවා හඩා ඇත්තේ මඟීන්ගේ ජීවිත බේරාගැනීමේ සතුට නිසයි (නි)

:       0       0

සනුකි Wednesday, 10 September 2014 12:09 PM

අපේ ලොක්කෝ ටික සවාරි ගහල ගහල අපේ රටේ එ්කත් පාඩු ලබන ආයතනයක් කරලා. මේවයේ ප්‍රතිඵල කොහෙන් එලියට එයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:49 PM

කාටද මරණ බිය නැත්තේ? (නි)

:       0       0

තිලාන් Tuesday, 07 October 2014 07:47 AM

ඕස්ට්‍රේලියාවේ චැනල් 7 වල ගුවන්යානා අතරමගදී විනාශවෙන එක ගැන විමර්ශනාත්මක වැඩ සටහනක් යනවා. ඒක බැලුවොත් ගොඩක් විස්තර දැනගන්ඩ පුළුවන් (නදී)

:       0       0

කොඩි Wednesday, 10 September 2014 02:46 PM

බොතේජු ඔය ගුවන් යානයක ගිහින් තියෙනවද? මොකද මේ වගේ තත්වයක් ඔබ විහිලුවට ගන්නේ කොහොමද (අ)

:       0       0

බොතේජු Wednesday, 10 September 2014 07:11 AM

නියමුවා අැඬුවේ යානය කඩා වැටුනෙ නැති හින්ද ? මොකද දන්නවද ඊට පහුවදා නියමුවා කසාද බඳින්න හිටියේ . (ස)

:       0       0

සෑම් Tuesday, 09 September 2014 04:24 PM

නියමුවාද මිනිසෙකි. ගාමිණී, ඔයා මේ වගේ වෙලාවක හිනා වෙනවද? (නි)

:       0       0

හසන්ත Tuesday, 09 September 2014 04:28 PM

මඟීන්ගේ වාසනාව! (නි)

:       0       0

චාමික Tuesday, 09 September 2014 04:26 PM

ගාමිණි වගේ අයට අනුකම්පා කරලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site