ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ගුවන් යානය එළැඹෙන 2016 වසරේදී එහි පළමු පරීක්ෂණ පියාසැරියේ යොදවන බව එහි නිර්මාපකයෝ කියති.
ස්ට‍්‍රැටෝලෝන්ච් නම් වන මෙම ගුවන්යානයේ කාර්යභාරය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම හා චන්ද්‍රිකා ඉහළ අභ්‍යාවකාශයට යොමුකිරීමයි.
සාමාන්‍ය අවස්ථාවකදී මෙසේ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට හා චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සිදුවන්නේ පෘථිවියේ සිටම අභ්‍යාවකාශයට යොමුකෙරෙන රොකට්ටු ආධාරයෙනි. එය වියදම් අධිකය. විශේෂයෙන් ඉන්ධන වලට සැළකිය යුතු මුදලක් වැය වේ. නමුත් මෙම යානය භාවිතයෙන් එම වියදම අවම කරගැනීමට හැකිය. යානය ආධාරයෙන් අභ්‍යාවකාශයේ ඉම ආසන්නයටම භාණ්ඩ ප‍්‍රවාහනය කළ හැකි අතර ගමනේ ඉතිරි කොටසට පමණක් කුඩා රොකට්ටුවක් යොදාගැනීම සෑහේ.මේ සදහා වැයවන්නේ සාපේක්ෂව අඩු මුදලකි.
මේ යානයේ විශාලත්වය කෙතරම් ද කිවහොත් එය පාපන්දු ක්‍රිඩාංගනයකට ගොඩ බැස්වූයේ නම් එහි තටු දෙකෙහි අන්තයන් පිටිය දෙපස පිහිටි ගෝල කණු වලිනුත් මීටර කිහිපයක් එපිටට විහිදේ. යානය ජව ගැන්වෙන්නේ 747 වර්ගයට අයත් ගුවන්යානා එන්ජින් 6 කිනි.
වරකට ටොන් 6 කට ආසන්න බරක් පෘථිවියේ සිට කිලෝ මීටර 2000 ක පමණ දුරකට ප‍්‍රවාහනය කිරීමට මෙම යානයට හැකියාව ඇතැයි සඳහන්ය.
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්
නාමල් Wednesday, 05 August 2015 03:24 PM
දුමින්ද විද්‍යාවට හා තාක්ෂණයට වියදම් කරන මුදල් අපතේ යෑමක් නොවේ..ඔන්නෙ මේ මුදලින් සැනකෙලියක් පැවැත්වූවා නම් ඔබ කියන කථාව සාධාරණයි...(බ)
නිපුණ Wednesday, 05 August 2015 03:26 PM
ලිපියේ පොඩි වරදක් තියෙනවා... ගුවන් යානයකට පෘතුවියෙන් කිමි. 2000 කට යන්න බෑ.. වායුගෝලයක් නැතිනිසා...මේ යානයෙන් වෙන්නේ පෘතුවියෙන් කිමි. 2000 රොකට් එන්ජින් මගින් යාහැකි අභ්‍යවකාශ යානයක් කිමි. 20-25 ඉහළ උසකට ගෙනැවිත් අතඇරීම... (එවිට පෘතුවියේ සිටම රොකට් මගින් ගමන් කරනවාට වඩා වියදම් අඩුවේ ) (බ)
දුමින්ද Wednesday, 05 August 2015 10:10 AM
වැයකළ මුදලින් නිවිය හැකි ලොව කුස ගින්න පාපන්දු පිටියට වඩා ඉතා විශාලය (ම)
තිලක්-ඩුබායි Wednesday, 05 August 2015 04:13 PM
දුමින්ද ,රටේ මිනිස්සු වේලක් හැර වේලක් කනකොට,එහෙමත් කන්න අදින්න දෙන්න නැතිව දරුවන් සමග ගගට මහුදට පැනල ජිවිතේ විනාශ කර ගන්න රටේ එක පුතෙකුගේ මන දොළ සපුරන්න කියල මහජන මුදලින් ලැම්බෝගිනි,ෆෙරාරි ෆොර්චේ කාර් 7-8 ක් ගුවනින් ගෙනාපු යුගය මට මතක් වුණා. (බ)
මංජු Wednesday, 05 August 2015 10:24 AM
මෙම ස්ට‍්‍රැටෝලෝන්ච් ප්‍රවාහන යානය මෑන් මේඩ් කොම්පොසිට්ස් ව්‍යුහයක් සහිතයි. මෙම යානය සාදන්නේ ඇමරිකාවේ සමාගමක්. (බ)
සුදේශ් Wednesday, 05 August 2015 07:45 PM
දුමින්ද,කන්න අඳින්න නැති අය ඒ තත්වෙන් ඉන්නේ ඔවුන්ගේ වරදකට. අපේ රටේ ඡන්දෙන් පත්කරලා තක්කඩියෝ අරින්නේ කවුද? ලෝකේ මොකක්හරි දෙයක් කරනකොට ඒ සල්ලි වලින් කන්න අඳින්න දියවූ දියවූ කියන්නේ කුහකයෝ. තම තමන්ගේ රටවල් දියුණු කරගන්න එක ඒ ඒ රටවල ජනයාගේ වගකීම (නි)
ශාන් Wednesday, 05 August 2015 11:16 AM
ලොව ඉදිරියට ගමන්කරේ අප ?????????? (ම)
ලලිත් Wednesday, 05 August 2015 10:12 PM
අප්පච්චි මේ පාර දිනුවොත් මේ ජාතියේ එකක් අපිටත් ලැබෙයි (නි)
කරුණාරත්න Wednesday, 05 August 2015 11:07 PM
නියමයිනේ! (නි)
අශෝක Thursday, 06 August 2015 07:36 PM
ලෝකය දිනෙන් දින දියුණු වෙනවා (නි)
වසන්ත Friday, 07 August 2015 06:57 AM
දුමින්ද කන්නම උපන් කෙනෙක්. අපේ රටේ තව ඔය වගේ පුද්ගලයෝ කීදෙනක්නම් ඇතිද? ඉතිං කොහෙද අපේ රට දියුණු වෙන්නේ (ම)
සම්පත් Wednesday, 05 August 2015 01:09 PM
දුමින්ද, පිස්සු හැදිලාද? (නි)
අරුණ Thursday, 06 August 2015 02:45 AM
කුසගින්නට බඩ පුරව පුරවා ඉන්න එක තමයි අපේ මිනිසුන්ගේ තිබෙන ලොකුම වැඩේ. මේවගේ උසස් නිර්මාණයක් දිහා බලොවත් සතුටුවෙන්න තරම් උසස් චින්තනයක් නැහැ. එක්කෝ මේක තමන්ගේ එදිරිවාදී දේශපාලනයට ගාවාගනී. පුදුම නුගත්තු! (නි)
නිලන්ත Sunday, 09 August 2015 03:29 AM
රටක දියුණුව කියන්නේ රටවැසියන්ගේ මනසේ හා අවශ්‍යතාවයන්ගේ පිළිබිඹුව.අපේ අයට තිබෙන පහත් මානසිකත්වයේ හැටියට අපේ රට දියුණුවෙලා තියෙන ප්‍රමාණය ඕනෑවටත් වැඩියි (නි)
ගැමා Saturday, 08 August 2015 02:28 AM
අපේ රට යන්නේ දේශපාලන දියුණුවකට විතරයි (නදී)
නිමල් Wednesday, 05 August 2015 02:42 PM
ලංකාවේ තවම වැඩවසම් යුගයක් හොයනවා රජවරුන්ට මුට්ටි අල්ලන්න. (බ)
රොහාන් ඩුබායි Wednesday, 05 August 2015 02:46 PM
දුමින්ද කියන්නේ කන්න බොන්න ලැබෙනවානම් ගල්යුගේ වුනත් හොඳයි කියල හිතන ලක්වැසියෙක් (බ)
ෂෙහාන් අමරසිංහ Saturday, 08 August 2015 10:19 AM
තිලක් ඩුබායි, කියවන්න එපා. කන්න නැතුව ගඟට මුහුදට පැනලා නැහැ කිසි කෙනෙක්. (නදී)
ටිකිරි Friday, 07 August 2015 08:18 AM
පිටරටවල් අලුත් අලුත් දේවල් කරලා දියුණු උනාවේ අපි බඩගින්න ගැන කතා කර කර ඉමු .(ම)
චින්තන Wednesday, 05 August 2015 03:17 PM
දුමින්ද වගේ කන එක ගැනම හිතන අය හින්ද තමා අපි හැමදා එක තැන පල්වෙන්නේ (බ)
අජ්ත් Friday, 07 August 2015 03:42 AM
දුමින්ද ලෝකයේ ඉන්න හොඳම මානව හිතවාදියා වෙන්න ඇති. ඒත් මම හිතන්නේ නැහැ දුමින්ද හිඟන්නෙකුට සත පහක්වත් දෙනවා කියලා (නි)