
ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවැති පාපැදි තරගයක් අතරතුරේ පාපැදිකරුවකුට ගවයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය. විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම ගවයා තවත් පාපැදිකරුවන් තිදෙනකුට ද පහර දී ඇති බවත් තුවාල කළ බව පැවැසෙයි.
සැතපුම් 80ක් දුර, මෙම පා පැදි තරගාවලිය පැවැත්වූයේ බේකර්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ යැයි ඇමෙරිකාවේ 'ෆොක්ස් නිවුස්' පුවත් නාළිකාව වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd