
සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්ගේ සෞඛ්‍ය ගැන ලොවට අනාවරණය කරන වතිකානය නිකුත් කළ අලුත්ම නිවේදනයේ දැක්වෙයි.
88 හැවිරිදි පාප්තුමන්, පාප් ධුරයට පත් වීමෙන් පසු, වැඩිම දින ගණනක් රෝහල්ගතව සිටින පළමු අවස්ථාව මෙයයි.
පාප්තුමන් පෙනහළු ආසාදනයක්, නිව්මෝනියා තත්ත්වයක් සහ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝමයේ ගෙමෙලි රෝහලේය.
තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසඟවා, ලොවට හෙළි කරන්නැයි පාප්තුමන් වතිකානයට දැනුම් දී ඇති බැවින්, පැය 24 පුරා පාප්තුමන් සම්බන්ධයෙන් වතිකානය නිල නිවේදන නිකුත් කරන බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට ඉක්මන් සුවය ලැබේවා
සතුටුදායක පුවතක්. දෙවි පිහිටයි.