ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වතාවට යුද කැරළි පවතින ප්‍රදේශයක සංචාරය කරමින් මධ්‍යම අප්‍රිකානු ජනරජයට ගියහ. එතුමා එහිදී කියා සිටියේ ලබන මාසයේ පැවැත්වෙන ඡන්දයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති බවයි.
මේ පුවත වාර්තාකරන බිබිසී පුවත් සේවය පවසන්නේ බැංගුයි අගනුවර දී පාප් වහන්සේ මේ ප්‍රාශය කළ බවයි. සාමය සහ බලාපොරොත්තුවේ පණිවිඩය තමන් ගෙන ආ බවත් පාප් වහන්සේ කියා ඇත. පාප් වහන්සේ මේ සංචාරයේ නිරත වූයේ උගන්ඩාවේ සහ කෙන්යාවේ කරන ලද සංචාරයෙන් අනතුරුවය.
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී පාප් වහන්සේ කියා සිටියේ ‘‘මෙය නුපුරුදු දෙයක් විය හැකියි. දේශපාලන අදහස් දැරීම හෝ ආගමික පාපොච්චාරණයක යෙදීමේ කොටසක් නොවේ. අන් අය භයානක දෙයට පෙළඹවීම වැළැක්විමේ උත්සාහයක් පමණයි.“
මේ ගමනේ දී පාප් වහන්සේ මුස්ලිම් නායකයන් කිහිප දෙනකු හමුවිමට නියමිත අතර මුස්ලිම් පල්ලියකට සංචාරය කිරීමට ද නියමිතය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංචාරය කිරිම වතිකානුවේ පාප් වහන්සේගේ ආරක්ෂ නිලධාරීන්ට මහත් අභියෝගයක් වී තිබිණි. ආගමික පදනමකින් රට බෙදා වෙන්කර ගැනිමේ මහා සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවක දී අගනුවර හා රටපුරා බෝම්බ හා වෙඩි තැබීම් සිදුවෙද්දි පාප් වහන්සේගේ මේ ගමන සැබෑ අභියෝගයක් ම විය.
මේ සංචාරය අවදානම් සහගත වුව ද මේ රටවල් තුනට පාප් වහන්සේ පැමිණීම සාමය දිනා ගැනීමට මහත් රුකුලක් වනු ඇති බව විචාරකයන්ගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවට සාමය උදා වේවා.! (ර)