රෝමානු කතෝලික ප්‍රධාන පූජකවරුන් 13 දෙනෙකු කාදිනල් පදවියට උසස් කිරීම සඳහා නම් කළ බව පාප්තුමා විසින් නිවේදනය කර ඇත.
ඔවුන්ගේ පදවිප්‍රාප්ති උත්සවය ඔක්තෝබර් 05වැනිදා පැවැත්වෙනු ඇති බවද මෙම නිවේදනයේ සඳහන් වේ.
මෙම කාදිනල්වරුන් පාප්තුමාගේ සමීප අනුශාසකවරුන් වන අතර ඔවුන් රෝමය, පෘතුගාලය, ස්පාඤ්ඤය, කොංගෝව, ලක්සම්බර්ග්, ගෝතමාලාව, ඉතාලිය, කැනඩාව, කියුබාව, ඉන්දුනීසියාව, ලිතුවේනියාව හා බ්‍රිතාන්‍යය යන රටවලින් තෝරාගෙන ඇත.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මියයෑමෙන් හෝ විශ්‍රාම යෑමෙන් හිස්වන තනතුරට පාප් කෙනෙකු තෝරාගැනීම සඳහා බලය මෙම කාදිනල්වරුන් සතුව පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මෙහෙ ඉන්න ගෝත්‍රිකයාගේ පදවිය අහෝසි කරන්න බැරිද ගරු පාප්තුමෝ...?