
දෙදින සංචාරයක් ආරම්භ කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ කොංගෝ ජනරජය බලා පැමිණියහ. 86 හැවිරිදි පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට කොංගෝ ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙන්ඩී ප්‍රමුඛ රජය කටයුතු කළේය.
කොංගෝව අප්‍රිකා රාජ්‍යයකි. මීට පෙර පාප්තුමකු කොංගෝවේ සංචාරයකට පැමිණ ඇත්තේ 1985 වසරේදීය. එම අවස්ථාවේදී කොංගෝව බලා පැමිණියේ දෙවැනි ජෝන් පෝල් පාප්තුමන්ය. ඒ කාලයේ කොංගෝ ජනරජය හැඳින්වූයේ සයරේ යනුවෙනි. කොංගෝවේ ජනගහනයෙන් හරි අඩක් එනම්, මිලියන 90 ක් රෝමන් කතෝලිකයන්ය.
කිංෂාසා අගනුවර ජනාධිපති මාලිගයේ දී ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙන්ඩී, පාප්තුමන් පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. මැති ඇමැතිවරුන් අතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්, මාලිගයේ උද්‍යානයේ පැවැති එම විශේෂ උත්සවයට සහභාගී වූහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd