යුරෝපා රටවල් මුහුණ දෙන සංක්‍රමණික අර්බුදය හමුවේ, මානුෂීයභාවය අවධාරණය කරමින්, ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා ඉතාලියේ ලැම්පඩූසා දූපතේ විශේෂ සංචාරයක නියැලුණි. 

එහිදී පැවැත්වුණු විශේෂ දිව්‍ය පූජාවකට එක්වෙමින් පාප්තුමා අවධාරණය කළේ යුරෝපයට පැමිණෙන නව සංක්‍රමණිකයන් වඩාත් යහපත් ලෙස සමාජගත කිරීමට කටයුතු කළ යුතු අතරම, ඔවුන්ගේ මව් රටවල පවතින අයහපත් තත්ත්වයන් යහපත් කර දීමට ද යුරෝපයේ සහයෝගය අවශ්‍ය බවය.

2025 මැයි මාසයේ, පාප්ධුරයට පත්වීමෙන් පසු, 14 වැනි ලියෝ පාප්තුමා සංක්‍රමණිකයන් වෙනුවෙන් වැඩි සහයෝගයක් ලබාදීමට නිරන්තරයෙන් පෙනී සිටි අතර, සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.