
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කළ ඉල්ලීමක්, වතිකානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
මැතිවරණ සමයකදී පාප්තුමා දේශපාලනඥයන් මුණ නොගැසෙන බව ඊට හේතුව යැයි වතිකානය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට දන්වා යවා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
කෙසේ නමුත් පාප්තුමා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මුණ නොගැසීමට ගත් තීරණය මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් නිර්මාණය කර ඇත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කතෝලික පල්ලියත් චීනයත් ඇඳෑ ගනිමින් කරන ලද ප්‍රකාශයකි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සිදුවීම් දාමය මුල් කරගනිමින් ඡන්ද දායකයන් ආකර්ෂණය කරගැනීමට උත්සාහ කරන්නේ යැයි වතිකානය චෝදනා කරයි.
කතෝලික පල්ලිය, බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ තිබූ ගිවිසුමක් අලුත් කරගෙන ඇතැයි ද එමඟින් කතෝලික පල්ලියට තිබූ ‘සදාචාරාත්මක බලාධිකාරිය’ අවදානමේ හෙළා ඇතැයි ද මයික් පොම්පෙඕ මේ මස මුලදී පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මධ්‍යස්ථ මතධාරී ආගමික සංවිධාන හා ව්‍යාපාරවල සහාය හිමි වේ. ඒ අතර මධ්‍යස්ථ මතධාරී කතෝලික ඡන්ද දායකයෝ ද වෙති. ෆ්‍රැන්සිස් පාප්තුමා දැඩි නිදහස් මතධාරියකු යැයි ( ඉතා ලිබරල්) යැයි ඔවුහු සිතති.
චීනයේ සිටින කතෝලික ප්‍රජාවේ බොහෝදෙනා වදහිංසාවලට ලක්වන බව මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි. චීනයේ නිල කතෝලික සංවිධානයට සහාය පළ නොකර එම පිරිස් පාප්තුමාට සහාය පළ කිරීම ඊට ප්‍රධාන හේතුව යැයි ද පැවසේ.
එම කරුණු එසේ තිබියදී වතිකානය, චීනය සමඟ ගිවිසුමකට එලැඹ ඇත. ඒ 2018 වසරේදීය. එම ගිවිසුම ඇති කරගෙන ඇත්තේ බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් යැයි ඇතැම්හු පවසති.
මෙම ගිවිසුමෙන් “අතීතයේ තුවාල සුවපත් කරගැනීමට” සහ චීනයේ කතෝලික ප්‍රජාව එකමුතු කරගැනීමට හැකියාව ලැබෙන ඇතැයි පාප්තුමෝ එම අවස්ථාවේදී කීහ.
අදාළ ගිවිසුම ලබන මාසයේදී අලුත් කිරීමට නියමිත අතර ඇමෙරිකාව ඊට සිය විරෝධය පළ කර ඇත. කතෝලික ප්‍රජාවේ ඇතැම් කොටස් ද ඊට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
චීනය තුළ ආගමික නිදහස ඇති කිරීම සඳහා මැදිහත් වන්නැයි රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ රෝමයේදී ඉකුත් දා පැවැසීය. “චීනයේ වගේ වෙන කිසි තැනක ආගමික නිදහස තර්ජනයට ලක්වෙලා නැහැ” යැයි පොම්පෙඕ එහිදි කීය.
පාප්තුමා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මුණ නොගැසෙන බව ප්‍රකාශ කළේ වතිකානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා වන රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ පැරොලින් සහ විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් ගැලගර් යන දෙදෙනාය.
“ මැතිවරණ කාලයකදී දේශපාලනඥයන් මුණ නොගැසෙන බව පාප්තුමෝ පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. එය තමයි හේතුව” යැයි කාදිනල් පැරොලින් උපුටා දක්වමින් ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාප්තුමෝ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙන්න බෑ කියති