ශ්‍රී ලංකාව මැයි මාසයේදි ඟංවතුරට හසු වුයේය. එහිදී බොහෝ විපත් සිදු වුයේය. ප‍්‍රංශයද ජුනි මාසයේදි ඟංවතුරට හසුවී බොහෝ විපත් සිදු වුයේය. මෙම අත්දැකීම් සමග ජුලි පාසල් නිවාඩුවද ආරම්භ වුයේය. දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද නිවාඩු සමය එසේමය. එබැවින් නිවාඩු සුවය විඳීමට විවිධ ස්ථාන තෝරා ගන්නේය. ඒ අනුව මමද දරුවන් සමග නිවාඩු සුවය ගත කිරීමට දකුණු දිග ප‍්‍රංශය තෝරා ගනිමින් නිවාඩුවේ ප‍්‍රථම දිනයට ඇවිනියොන්ග් නගරය තෝරා ගත් අතර ඒ හේතු කොට පාප් වහන්සේගේ මුල් ගෙදර නැරඹීමේ වාසනාව ලැබිණි.
ප‍්‍රංශයේ අග නගරය පැරීසියේ සිට කිලෝ මීටර් 690ක් දුරින් දකුණු දිග ප‍්‍රංශයේ ප්‍රොවෙන්ස් ඇල්ෆ්ස් කෝද් ඇසූර් පරිපාලන පළාතට අයත් ලක්ෂ හයක පමණ ජනගහනයක් වාසය කරන මුහුදු මට්ටමෙන් මීටර් 122ක් උසින් පිහිටි මිදි වතු වලින් සරුසාර ඇවිනියොන්ග් ප‍්‍රංශ ඉතිහාස පොතේ පිටු අතර සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත් නගරයකි. එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනේස්කෝ ආයතනය විසින් ප‍්‍රකාශිත ඇස මෙන් රැක ගතයුතු ලෝක උරුම අතර ප‍්‍රධාන ස්ථානයක් හිමි නගරයකි ඇවිනියොන්ග්. එබැවින් වර්ෂ 2000 දී යුරෝපයේ සංස්කෘතික නගරය ලෙසද තෝරා ගත්තේය.
රෝමානු කතෝලිකයන්ගේ පූජනීය නායකයා වූ පාප් වහන්සේගේ මුල් ගෙදර පිහිටා ඇත්තේ මේ නගරයේය. පැරණි පාප් මාලිගාව ලෙස හඳුන්වන පාප් වහන්සේලා සිටි ප‍්‍රථම මාලිගාව මෙම නගර මධ්‍යයේ පිහිටීම මෙම නගරය ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක උරුමය ලබා ගැනීමට හේතු වුයේය.
ප‍්‍රංශයේ වයින් නිෂ්පාදනය කරන ප‍්‍රදේශ අතර ඇවිනියොන්ග් ප‍්‍රදේශයටද ප‍්‍රධාන තැනක් හිමිවේ. තත්ත්ව පාලනයෙන් ඉහළම අනර්ගතම වයින් නිෂ්පාදිත ප‍්‍රදේශයක් ලෙසද සැලකේ. පාප් වහන්සේගේ හා එම මාලිගාව ඇතුළත් කොට වයින් නම් කර ඇත්තේය. චැතෝ නෆ් ඩු පාප් ලෙස සිංහල භාෂාවෙන් පාප් වහන්සේගේ අලුත් මාලිගාව ලෙසද සමහර වයින් හැඳින්වේ. ඒවා මිල අධිකය. නගරයේ සැරිසරන සංචාරකයෝ සිහිවටනයක් ලෙස එවැනි වයින් මිලදී ගැනීමට පුරුදුවී සිටිති. කතෝලික දේවස්ථානවල පූජාවන්හී දි දිව්‍ය ඖෂධයක් ලෙස සලකා වයින් හැන්දක රස විඳීම ඈත අතීතයේ සිට පැවැතෙන එම සංස්කෘතියේ විශේෂ ලක්ෂණයකි. එබැවින් එකල පාප්ගේ නගරය හා ඒ අවට පිහිටා ඇති දේවස්ථාන හා පාප් මාලිගාව හේතුවෙන් එම ප‍්‍රදේශය වයින් නිෂ්පාදනයටත් මිදි වගාවටත් විශේෂ සැලකිල්ලක් දක්වා ඇති අතර ඒ හේතු කොට අද එම ප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 65ක මිදි වතු වලින් පිරී ඇත්තේය. අද ලෝකයේ වැඩිම වයින් පානය කරන රාජ්‍යය ලෙස සැලකෙන්නේද වතීකානුවයි.
ලෝකයේ කුඩාම රාජ්‍ය ලෙස සැලැකෙන පාප් වහන්සේගේ නිල මාලිගාව වූ වතිකානුව පිහිටා ඇත්තේ රෝම නගර මධ්‍යයේය. පාප් වහන්සේ වතීකානුවට පැමිණීමට පෙර ප‍්‍රථම වරට එනම් වර්ෂ 1309 සිට 1423 දක්වා පාප් වහන්සේගේ නිල මාලිගාව ලෙස භාවිතා කර ඇත්තේ අද පෞරාණික වස්තුවක් ලෙස සලකන ඇවිනියොන්ග් හී පිහිටි මාලිගාවයි. එබැවින් පාප්ගේ නගරය ලෙසද එකල හැඳින්විණි.
එම ප‍්‍රදේශය හරහා ගලා බසින රෝන් නම් නිල්වන් ගඟ අද්දර නගරයේ උතුරු දිශාවේ මේ නගරය පිහිටා ඇති අතර මාලිගාවේ පෞරාණික මෝස්තරයෙන් හැඩ ගැන්වූ සියලූම කැටයම් ගොතික් කලා ශිල්පයට අයත්වේ. ගොතික් කලා ශිල්පය ප‍්‍රංශයේ ආරම්භක ගෘහ නිර්මාණයේ ප‍්‍රධාන තැන ගත් හා එකල ප‍්‍රසිද්ධ මෝස්තර ශිල්පය ලෙස ප‍්‍රංශ ඉතිහාසයට එක්වේ. නගර මධ්‍යයේ ඇති පැරණි පාප් මාලිගාවට අයත් විෂ්කම්භය මීටර් 4330ක් දිග කවුළු ඇති ආරක්ෂක බැම්මකි. ප‍්‍රාකාරය සතර දිශාවේ සුපරික්ෂාකාරී ආරක්ෂක මුර කපොලූ හතරක් ඉදිකර ඇත්තේය. පවුර වටා පිටතින් හා ඇතුළතින් පිය මනින මංතීරු පිහිටා ඇත්තේය. එම යුගයේ සිටි ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු වන පියෙර් පෙයිසොන් හා ජෝන් ඩෙ ලූව්රේ මෙම මාලිගාවේ නිර්මාණ කරුවෝය. මෙම ප‍්‍රදේශය වට කොට ඇති ඩෝම් කඳු ගැටයේ පිහිටි තිරුවානා ගලට සමාන සුදු පැහැති ගල් වර්ගයක් මෙම මාලිගාව තැනීමට භාවිතා කොට ඇත්තේය.
12 වැනි බෙනුවා, 6 වැනි කෙළෙමොන්ට්, 6 වැනි ඉනොසොන්ට්, 5 වැනි උර්බෙන්, 11 වැනි ග්‍රෙගොරි හා 13 වැනි බෙනුවා යන පාප් වහන්සේලා අනු පිළිවෙළින් 1335, 1342, 1352, 1362, 1370, 1394 යන වර්ෂ වලදී මෙම මාලිගාවේ වාසය කළහ.
අද පවතින වතිකාන රාජ්‍යය ගොඩ නැඟෙන්නේ ඉන් පසුවය. යුනේස්කෝ ආයතනය විසින් අනුමත ලෝක උරුම ලැයිස්තුවට 1995 දී ඉහත මාලිගාවද ඇතුළත් කොට ඇත්තේය. නගරය පුරා විවිධ සංස්කෘතික ආයතන පිහිටා ඇත්තේය. කල්වෙට් කෞතුකාගාරය, කුඩා මාලිගා කෞතුකාගාරය, රොකෑන් කෞතුකාගාරය, නෝත‍්‍ර ඩාම් ඩෙ ඩෝම් දේවස්ථානය ඇවිනියොන්ග් පාලම ඒ අතරින් විශේෂවේ. වසරකට ලක්ෂ හතක් පමණ ජනයා මෙම මාලිගාව හා නගරය නැරඹීමට පැමිණෙති.
එකල මාලිගාවට අයත් ගොඩනැගිලි හා නගරය අද කලාවෙන් පිරුණු සංස්කෘතික නගරයක් බවට පත්වී ඇත්තේය. කෞතුකාගාර, සිනමා ශාලා, රැඟුම් හල් විවිධ කෑම වට්ටෝරු වලින් පිරුණු සම්ප‍්‍රදායික අවන්හල් වලින් නගරය සම්පූර්ණවී ඇත්තේය. ඇවිනියොන්ග් නගරය මුලික කොට 1947දී සංස්කෘතික සැණකෙළියක් ආරම්භවූ අතර අද දක්වා සෑම වසරකම සරත් සෘතුවේ ඇවිනියොන්ග් සැණකෙළිය නමින් නාට්‍ය සැණකෙළියක් මාසයක් පුරා පැවැත්වේ. එම කාලයට ප‍්‍රසිද්ධ හා ප‍්‍රාදේශීය නාට්‍ය ශිල්පීන්ගෙන් මෙන්ම නාට්‍ය ලෝලීන්ගෙන් මෙම නගරයේ වීදි පිරී ඉතිරී ඇත්තේය. බැලූ බැලූ අත සෑම තැනකම නාට්‍යයක් ගැන දැන්වීමකි. පාර පුරාවට වීදි නාට්‍ය රඟ දැක්වේ. ප‍්‍රාදේශීය නළු නිළියෝ දෙපස ජනයාට උසුළු විසුළු කරති. මාලිගාව ඉදිරිපිට විවිධ සංගීත ශිල්පියෝ. වයති, ගයති, නටති. විටෙක මුළු නගරයම රඟ මඩලකි. එය දැක බලා ගැනීමට ලැබීමත් වාසනාවකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ලිපියක්.(හේ)
සිත නිවන පුවතක් (නි)
හරිම වැදගත් ලිපියක් අපි හැමෝටම (නි)
මම හිතුවේ පාප් වහන්සේගේ මැදුර වතිකානුව පමණයි කියලා . මෙහෙම දෙයක් අපි අහලවත් නැහැ .පොටෝ වලින් හරි දකින්න ලැබීම මොන තරම් වාසනාවක්ද .මෙවැනි දේ වලින් අපිව දැනුවත් කලාට සුනිල් මහත්තයටයි ලංකාදීපයටයි බොහොම ස්තුතියි. (ර)
ගොඩක් ස්තුතියි ඔබේ ලිපියට..ඔබ සැබවින්ම වාසනාවන්තයෙකි... ලොව පූජිත ඉතිහාසගත මෙවැනි පුජනීය ස්ථානයක් දැකගන්න පින් තිබුනත් කිසිවෙකුගේ බල පෑමකින් තොරව නිදහසේ ඔබට ඕනේ විදියකට එහි සිරි නැරඹීමේ අවස්ථාව ලැබීම ගැන ඔබට පුදුමයක් නැතුවාසේම මටද පුදුමයක් නැත (බ)
කුමාර්, අපි නොදන්නා දෙයක් පැහැදිලි කරදීම ගැන ඔබට ස්තූතියි! (නි)
අපේ රටේත් පසුගිය කාලේ මේ වගේ මාලිගාවල් වගයක් උතුරෙයි දකුනෙයි හදපු කතාවක් අසන්නට ලැබුණා නේද ? ඒවට ලෝක උරුම සහතික නැද්ද ? ඇත්තටම ඒ මාලිගාවල් වලට මොකද උනේ ? (ර)
කතෝලික මම ප්‍රංශයේ ලුර්දු දේවස්ථානය බලන්න ගිහිල්ලා තියෙනවා. නමුත් මෙහෙම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැනේ. කතෝලික අපි නැරඹිය යුතු ස්ථානයක්. ඊළඟ පාර ප්‍රංශයේ ගිය දිනයක මේ මාළිගාවත් බලන්න යනවාමයි. මෙවැනි ස්ථානයක් ගැන කතෝලික අපිව දැනුවත් කළ සුනිල් මහත්තයාට දේව ආශිර්වාදය පතනවා! (නි)
හොඳ ලිපියක්. (නි)
ලස්සන වගේම වැදගත් ලිපියක්. ඔබතුමාට ගොඩක් ස්තූතියි! (නි)
නිර්මලා, දේව වචනය තුළින්ම කියාදීම වඩා සුදුසුයි. රොටි හා වයින් බෙදාගෙන ගන්නේ, ජේසුතුමන්ගේ බිදුණු ශරීරය හා ගැලු ලේ සංකේතවත් කර ඒ තුළින් මිනිසාට ලැබූ ගැළවීම සිහිකිරීමටත්, ජේසුතුමාගේ නැවත පැමිණීම නිතිපතා සිහිකිරීමත්ය. (නි)
ඉතා වැදගත් තොරතුරු ඇතුළත් මෙම රසවත් ලිපියට ස්තූතියි! (නි)
මිනීමරපු හා මිනීමරණ පුවත් අහන අපට මෙවැනි පුවත් ඔළුවට සහනයක්. (නි)
බලන්න ලස්සනයි. ස්තුතියි...... ! (නි)
ඔබගේ ලිපිය ඉතාමත් වැදගත් එකක්, එය අගය කරමි. එහි ඔබ සදහන් කර ඇති පරිදි දිව්‍ය පුජාවන් අතර මිදිරස පානය කරන්නේ පුරුද්දක් ලෙස නොව එය කතෝලික ජනතාවගේ දිවය අබිරහසක් වන ජෙසුස්වහන්සේගේ අවසාන රාත්‍රී බෝජනය සිහිපත් කිරීමක් ලෙස... (ර)