සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් ස්විඩනයේ ප්‍රසංගයකට සහභාගී වූ බස් රථයක තීබූ මත්කුඩු සහ ගිනි අවියක් පොලිස් අත්තඩංගුවට ගෙන ඇත.
බීබර් ගේ ප්‍රසංගය අතරතුරදී පොලීසිය බසය පරීක්ෂා කරන විට මේවා හසු වී ඇත.මත්කුඩු රසායනාගාර පරීක්ෂණ සදහා යොමු කැරිණි.
දහනව හැවරිදි තරුණ පොප් ගායකයාට කිසිදු හිරිහැරයකින් තොරව රටින් පිටවීමට ඉඩ සැලැසිණි.
බීබර් ප්‍රසංග වලට සහභාගී වන්නේ සිය මිතුරු කැලත් සමඟය.මේ වසරේ ජනවාරියේ ද බීබර් සිය මිතුරන් සමග මතින් හැසිරෙන ඡායාරූප අන්තර්ජාලයේ දක්නට ලැබිණි.
සුපිරි ගායකයාගේ අනිසි හැසිරීම්
මාර්තු 1 - දහනව වන උපන්දිනය අප්‍රසන්න ලෙස ලන්ඩනයේ සමාජ ශාලාවක සැමරීම.
මාර්තු 8 - ලන්ඩනයේ ඡායාරූපශිල්පියෙකුට පහර දීම.
මාර්තු 28 - අසල්වැසියෙකුට කෙල ගැසීම.
අප්‍රේල් 1 - ඕස්ට්‍රේලියා ස්ත්‍රීන් කිහිපදෙනෙකුගේ ජංගම දුරකථන කඩා විනාශ කර ඔවුන් සමඟ අනිසි ලෙස හැසිරීම.
අප්‍රේල් 18 - ඉස්ලාම් දහමට අපහස වනලෙස හැසිරීම නිසාවෙන් ඉස්ලාමීය රටවල් වල ප්‍රසංග තහනම් කිරීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd