තෙරේසා මවුතුමිය විසින් පිහිටවූ, කතෝලික සභාව යටතේ ක්‍රියාත්මක ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය අවසර ලබා දී ඇත.
ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධානවලට විදෙස් ආධාර ලබා ගැනීම සඳහා වන බලපත්‍ර අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය තීරණය කර තිබේ. ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය ද රාජ්‍ය නොවන සංවිධානයකි.
ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, විදේශවලින් ඊට ලැබෙන අරමුදල් නැවැත්වීමටත් කටයුතු කළේ පසුගිය නත්තල් දා ය. බටහිර මාධ්‍ය වාර්තා කළේ භාරතීය ජනතා පක්ෂ රජයට ඉන්දීය දැඩිමතධාරී හින්දු අන්තවාදීන්ගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් නත්තල් දා එසේ තහංචි පැනවුණු බවය.
‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය ඉන්දියාවේ අසරණ වැසියන් වෙනුවෙන් සිදු කරන පුණ්‍ය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එම පුණ්‍යායතනය සම්බන්ධයෙන් පැනැවූ තහංචි සියල්ල ඉවත් කරන බවත් විදෙස් ආධාර යළි ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ වෙත ලැබෙනු ඇති බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුන්‍යායතනයට පැනැවූ තහංචි ඉවත් කෙරේ