තායිවානය සමඟ දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පැනමා රාජ්‍ය පියවර ගෙන තිබේ.
මේ අනුව ස්වයං පාලනයක් පැවැති තායිවානය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ වාණිජ සබඳතා ද ඇතුළුව සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගන්නා බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් වරෙලා මහතා ප්‍රකාශ කළේය.
තමන්ගේ ප්‍රධානතම නෞකා ඇළ (පැනමා ඇළ) සලකා බැලීමේදී චීනය යනු තම දෙවැනි වැදගත්ම පාරිභෝගිකයා යැයි ද පැනමා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
“මෙය අපේ රට තෝරාගත් නිවැරැදි මාර්ගයක් යැයි මා විශ්වාස කරනවා” යැයි ද පැනමා ජනාධිපතිවරයා කීවේය.පැනමා රාජ්‍යයේ මෙම තීරණය සම්බන්ධයෙන් කනගාටුවටත් කෝපයටත් පත්වන බව තායිවාන රජය ප්‍රකාශ කර තිබේ.
කිසිදු අවස්ථාවක චීනය සමඟ තරග නොකරන බවත් පැනමාව හා චීනය අතර ඇති වූ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව රාජ්‍ය තාන්ත්‍රික මුදල් සෙල්ලමක් යැයි ද තායිවාන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.
පැනමාවද තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමඟ මේ වනවිට තායිවානය සමඟ නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකි.
(රොයිටර්-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd