IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පැනමාව තායිවානය අතහැර චීනයට ළංවෙයි

තායිවානය සමඟ දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පැනමා රාජ්‍ය පියවර ගෙන තිබේ.

මේ අනුව ස්වයං පාලනයක් පැවැති තායිවානය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ වාණිජ සබඳතා ද ඇතුළුව සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගන්නා බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් වරෙලා මහතා ප්‍රකාශ කළේය.

තමන්ගේ ප්‍රධානතම නෞකා ඇළ (පැනමා ඇළ) සලකා බැලීමේදී චීනය යනු තම දෙවැනි වැදගත්ම පාරිභෝගිකයා යැයි ද පැනමා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

“මෙය අපේ රට තෝරාගත් නිවැරැදි මාර්ගයක් යැයි මා විශ්වාස කරනවා” යැයි ද පැනමා ජනාධිපතිවරයා කීවේය.පැනමා රාජ්‍යයේ මෙම තීරණය සම්බන්ධයෙන් කනගාටුවටත් කෝපයටත් පත්වන බව තායිවාන රජය ප්‍රකාශ කර තිබේ.

කිසිදු අවස්ථාවක චීනය සමඟ තරග නොකරන බවත් පැනමාව හා චීනය අතර ඇති වූ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව රාජ්‍ය තාන්ත්‍රික මුදල් සෙල්ලමක් යැයි ද තායිවාන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.

පැනමාවද තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමඟ මේ වනවිට තායිවානය සමඟ නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකි.

(රොයිටර්-055)



අදහස් (0)

පැනමාව තායිවානය අතහැර චීනයට ළංවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site