බදු නොගෙවා සිටීමට උපකාරී වූ මොසැක් ෆොන්සේකා සමාගමේ ලිපිගොනු අතර තිබී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පියා වන ඉයන් කැමරන් ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද සමාගම් වල හිමිකාරිත්වයට ඩේවිඩ් කැමරන් ද හිමිකම් කියන බව පිළිගත් පසු කම්කරු පක්ෂයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඔහු අවංකව කටයුතු කර නැතැයි කම්කරු පක්ෂයේ පිරිස් කියති.

කෙසේ වෙතත් අගමැති ධුරයට එන්නට පෙර එම සමාගමේ කොටස් විකුණා පවුම් 30 000ක් ලබාගත් බවත් ඒ වෙනුවෙන් බදු මුදල් ගෙවා ඇති බවත් එංගලන්ත අගමැතිවරයා ප්‍රකාශ කරයි .

ඔහුගේ පියා බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ සමාගමේ අධයක්ෂ ලෙස කටයුතු කර ඇත. එමෙන්ම එම සමගම නීතිවිරෝධී සමාගමක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.