ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමග පැනමා රජයට එරෙහිව විරෝධතා උත්සන්න වෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේවනවිට එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන් ද විරෝධතා සඳහා එක් වී සිටින බවය.

පැනමා සිටි අගනුවර පමණක් නොව, සෙසු සෑම ප්‍රධාන නගරයකම විරෝධතා පැවැත්වෙන අතර, විරෝධතාකරුවන් කලහකාරීව හැරෛමින් පොදු දේපොළ හානි සිදු කරන බව ද පැවැසෙයි.

ඉන්ධන මිල සහ ආහාර මිල පාලනයකින් තොරව ඉහළ යෑම ජනතාවගේ විරෝධයට හේතුවක් වී ඇත. උද්ධමනය ද දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

විරෝධතා හමුවේ ජීවන වියදම් පාලනය කිරීමට රජය උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වී ඇතැයි චෝදනා එල්ල වී තිබේ. පැනමාවේ උද්ධමනය පසුගිය මුල් මාස පහ​ට සාපේක්ෂව සියයට 3.3 කින් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)