පහුගිය දින වල ලොව පුරා කතා බහට ලක් වූ පැනමා දත්ත පිට කිරීමේ ගවේෂනාත්මක මාධ්‍ය කරණය කරන ලද්දේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය විසිනි.
එම දත්ත ප්‍රසිද්ධියට පත් කිරිමට ඔවුහු මෙහෙයක් කළහ. දත්ත වල අන්තර්ගත වූයේ ලොව සුප්‍රකට නළු නිළියන්,ගායකයින්,ප්‍රසිද්ධ ක්‍රීඩකයින්,ලෝක නායකයින් ඇතුළු ධනවත් පුද්ගලයන් බදු කොන්දේසි උල්ලංඝණය කරමින් කළු සල්ලි පැනමාවේ තැන්පත් කිරීමට සහ තම වත්කම් රහසේ සැඟවීමට සහාය වූ මොසැක් ෆොන්සේකා ආයතනයේ ලිපිගොනු සහ එම ගනුදෙනුකරුවන්ගේ විස්තරය.
එහි වසර හතළිහක සිට සිදුවූ ගනුදෙනු වල වාර්තා මිලියන 11.5 ක් අන්තර්ගත විය.
ලොව පුරා රටවල් 200 ක ආයතන 214 000ක නම් සහ විස්තර මෙන්ම ලෝක නායකයින් 12ක් ඇතුළුව දේශපාලකයින් 140 දෙනෙකුගේ නම් සහ විස්තර මේ ලිපිගොනු අතර විය.
එම නම් අතර පකිස්ථානයේ සහ අයිස්ලන්තයේ අගමැතිවරුන්ගේ නම් ද, යුක්රේනයේ ජනපතිගේ නම ද, සවුදි අරාබියේ රජුගේ නම ද සඳහන් විය. එමෙන්ම රුසියා ජනපති වැල්ඩෑමිර් පුටින්ගේ හිතවතුන් පිරිසකගේ ද නම් සදහන් විය.
ගනුදෙනුකරුවන් අතර කුඩු ජාවාරම්කරුවන් වැනි දූෂිතයන් රැසකගේ නම් ද සඳහන් විය. ඒ අතර ලංකාවේ ප්‍රකට කුඩු ව්‍යාපාරිකයකුගේ නම ද වේ. මෙක්සිකෝ කුඩු ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වීම නිසා ඇමෙරිකා රජය විසින් තහනම් කරන ලද සමාගම් 33ක නම් ද ඒ අතර විය.
සාද්ද්යුට් සෙයිතුන්ග් නම් ජර්මන් පුවත්පතක් සමඟ එක්ව මෙම මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය විසිනි. එම මෙහෙයුමට තවත් මාධ්‍ය සහකරුවෝ 100 ක් පමණ එක්වූහ. එම මෙහෙයුමට වසරක් පමණ ගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙයිතුන්ග් පුවත්පතේ වාර්තාකරුවෙකු වන බැස්ටියන් ඔබෙමෙයර් මෙම මෙහෙයුමේ වැදගත් කොටසක් ඉටු කැරිණි. මොසේයික් ෆොන්සේකා සමාගමේ සේවකයකු සමග රහසේ සබදතා පවත්වා ගනිමින් මෙම දත්ත ලබාගැනීමට මුලික අඩිතාලම සපයනු ලැබුවේ ඔහු විසිනි.
මුලින්ම එම ආයතනයේ සේවකයකු සමඟ නිතර අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙමින් එම ආයතනයේ ක්‍රියා පටිපාටිය අධීක්ෂණය කර තිබේ. එම සේවකයා මෙම අපරාධ හෙළි කළ යුතුය යන මතයේ සිට බවත් ඔහුගේ ජීවිතය අනතුරේ යැයි කියමින් ආරක්ෂක පණිවුඩ ක්‍රමයක් මගින් පමණක් සබදතා පවත්වා ගෙන ගොස් තිබුණු බවත් ඔහු ඔබෙමෙයර් හමුවීම ප්‍රතික්ෂේප කළ බවත් සදහන් වේ.
ඔවුන් දෙදෙනා විවිධ සන්නිවේදන ක්‍රම මගින් සම්බන්ධ වී ඇති අතර විටෙක රහස් කේත භාවිත කර ඇත. නමුත් එම සන්නිවේදන ක්‍රම මොනවාද යන්න ඔහු ප්‍රකාශ කර නැත. ඉන්පසු රහස් ලිපිගොනු කිහිපයක් ඔහු වෙත ලැබීමට සලස්වා තිබේ.
එම ලිපිගොනු දුටු සෙයිතුන්ග් පුවත්පතේ ප්‍රධානින් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය හා සම්බන්ධ වී ඇත. ඉන්පසු තවත් ලිපිගොනු ලබාගැනීමට ඔවුහු ක්‍රියා කළහ.
එම ලිපිගොනු අන්තර්ජාලය හරහා හුවමාරු වූ ආකාරය පිළිබද ඔවුන් හෙළි කිරීමට අකැමැති වී තිබේ.
කෙසේ වෙතත් මෙවන් විශාල දත්ත ප්‍රමාණයක් හුවමාරු වී තිබීම පුදුමයක් බව බොහෝ විචාරකයෝ පවසති.
ලිපිගොනු සියල්ල ලැබූණු පසු ICJU විසින් එම ලිපිගොනු ලෝකයටම පහසුවෙන් බලාගත හැකි අයුරින් අන්තර්ජාලයට එක් කළේය.
නමුත් ෆොන්සේකා සමාගමේ ආරම්භක සාමාජිකයකු ප්‍රකාශ කර තිබුණේ එම දත්ත ලබාගෙන ඇත්තේ අනවසරයෙන් ඊ මේල් ‘හැක්’ කිරිමෙන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට්, මෙහි වංචා කරුවන්ට ඇති අනෙක් වාසි නම් නාමික සමාගමේ ප්‍රධාන විධායක ලෙසද වෙනත් කෙනෙක් නම් කළ හැකි වීම සහ රටක් මේ ගැන විමර්ශනය කරන්න පටන් ගත්තොත් සමාගම් ලියාපදිංචි කර ඇති රටවල් වල අවසරය ගන්නම වසර කිහිපයක් ගතවන අතර ඒ කාල සීමාව තුල මුදලේ අයිතිකරු වෙනත් තැනක මෙම මුදල් මේ අකාරයටම ආයෝජනය කරනවා වෙනත් නමකින්. (බ)
බලාගෙන යනකොට පිටිගල හොර වැඩ ගැන හොඳට දන්නවානේ. (නි)
එහෙනම් පහුගිය රජයේ ප්‍රබලයන්ගේ සල්ලිත් වෙනත් නම් වලින් තියෙන්න පුළුවන් නේ.(කෞ)
'ඕෆ් ෂෝර්' හෙවත් අනේවාසික බදු සහන කලාපයන්හි මුදල් තැන්පත් කිරීම වංචාවක් නොවේ. තම රටේ තමන් සතු ද්‍රාව්‍ය වත්කම් වලට අධික බද්දක් ගෙවන්න සිදුවේ නම් කල යුත්තේද මෙවන් ගිනුමක මුදල් ආයෝජනය කිරීමයි. මෙහි ඇති වංචා සහගත කොටස වන්නේ තම වත්කම් තම රටට නොපෙන්වා රටින් පිටට යවා මෙවැනි ගිණුමකට දැමීමයි. මෙවැන්නන්ට මොසැක් ෆොන්සේකා නම්වූ මුල්‍ය කළමනාකරන ආයතනය සැලසු පහසුකම වන්නේ මෙම සමාගම ලියාපදිංචි පැනමාවේ නීති ඉඩප්‍රස්තාවකින් රිංගා නියම අයිතිකාරයාගේ නම භාවිතා නොකර ඔහු වෙනුවෙන් තවත් රටක සමාගමක් ලියාපදිංචි කර එම නමට මෙම මුදල් හැරවීමයි. එවිට උදාහරණයක් වශයෙන් ලංකාවේ අන්දිරිස් අප්පුගේ ඩොලර් කෝටි ගණනක මුදල් මෙම ගිණුමේ ඇත්තේ අප්‍රිකාවේ හෝ වර්ජිනියා දුපත්වල ලියාපදිංචි සමාගමක් නමිනි. සෙයිටුන්ග් ඩොයිෂ් මාධ්‍යකරුවන් කලේ මෙම කොම්පැනි වල නියම අයිතිකරුවන්ගේ නම් එළිදරව් කිරීමයි.(අ)
පිටිගල මහතා ..බොහොම හොඳට තේරුම් කර තිබෙනවා කෙටියෙන් හුග දෙනෙක්ට මෙය තේරුම් යන්නේ නැහැ අපේ රටෙත් දේශපාලනය කරන අය මේ දේවල් කරලා තියනවා ..නමුත් සොයාගන්න හරිම අපහසුයි.ශ්‍රී ලංකා රජයට ගතහැකි පියවරවල් මොනවද කියල බලන් ඉමු (බ)
පිටගල මහත්තයෝ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඕෆ් ෂෝර් කොම්පැනි වල අයිති කරුවෝ වංචාවක් කිරීමේ අරමුණින්ම ලියාපදිංචිය පමණක් තිබෙන ක්‍රියාත්මකවීමක් නොමැති නමට ඕෆ් ෂෝර් කොම්පැනියක් පවත්වාගෙන යාම සහ වෙනත් ආකාර වලින් හොයන අධික ආදායම් සහ නීති විරෝධී කළු සල්ලි සුදු කරගැනීමට හිතා මතා වංචාවක් කිරීමනේ(බ)
අපේ අයගේ සල්ලි වලට බදු අය නොකර සාධාරණයක් කොළ නම් අද ඩොලර් එක බලු ගානට යනවා, එකට වඩා පිට රට සල්ලි මොසැක්, ස්විස් වගේ අපේ බැංකුවල කළානම් අපේ උද්දමනයක් ඇත්තේම නැහැ. (බ)
බලන්න සල්ලි ගොඩක් තිබුනාම තියෙන කරදර. ඒවා කළු සල්ලි වුනාම ඒ කරදරේ ඩබල් වෙනවා පේනවා නේද. (බ)