තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ වැඩබලන මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසිදෙනකු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයෙන් නෙරපා ඇතැයි ඉන්දීය පුවත් සේවා අද (14) වාර්තා කළේය.
මේ අනුව අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ඕ.පන්නීර්සෙල්වම් මහතා, එම පක්ෂයේ සාමාජික තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් අමාත්‍ය මා ෆෝයි පාණ්ඩියරාජන් මහතා ඇතුළු 18 දෙනකු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ මහලේකම්වරිය ලෙස කටයුතු කළ ශෂිකලා නටරාජන්ය මහත්මියය.
දූෂණ චෝදනාවලට වැරැදිකරුවන් කරමින් ශෂිකලා නටරාජන් මහත්මිය, ඉලවරාසි මහත්මිය සහ සුධාකරන් මහතා ඇතුළු පිරිසට සිර දඬුවම් සහ දඩ නියම කිරීමෙන් අනතුරුව ඕ.පන්නීර්සෙල්වම් තමිල්නාඩු ප්‍රාන්තයේ වැඩ බලන මහ ඇමැතිවරයා ලෙස පත්විය. පක්ෂයේ පිරිසක් ඔහුට සහාය දැක්වූහ. ඕ.පන්නීර්සෙල්වම් මහතා වැඩබලන මහ ඇමැතිවරයාට සහාය පළ කළ බවට චෝදනා එල්ල කරමින් 18 දෙනකු ශෂිකලා මහත්මිය සහ ඇයට හිතවත් පිරිස කටයුතු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අගය කරන බවත් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා පක්ෂයේ නායකත්වයට පත්වූයේ ශෂිකලා මහත්මියගේ බලය යටතේ යැයි ජයලලිතා ජයරාම්ගේ ලේලිය පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිය යුතුව තිබුණ තීන්දුවක් බවත් දූෂණවල නිරත වූවන්ට එරෙහිව පියවර ගත යුතු බවත් ඇය පවසා තිබිණි.
ජයලලිතා ජයරාම් මෙනවියට කිසිම අවස්ථාවක ශෂිකලා මහත්මියට තනතුරක් නොදුන් බව ද පක්ෂය තුළ දැන් ඇති වී තිබෙන අර්බුදය ශෂිකලා පක්ෂය තුළ ගොඩනගා ගෙන ඇති බලය පෙන්නුම් කරන්නක් බව ද ඇය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පන්නීර්සෙල්වම් සමග 20 ක් පක්ෂයෙන් නෙරපයි
ජනහිත Wednesday, 15 February 2017 07:02 AM
ශෂිකලා හිරේට නියම වෙලා ඉන්දැද්දී කොහොමද එහෙම කරන්නේ. දැන් තියෙන්නේ අපේ කට්ටියට එහෙ ගිහින් ඔය තනතුර අරගෙන එක සිංහලයෙක්වත් මේ පැත්ත පළාතට එන්න එපා කියන්නයි. එතකොට අපේ රටේ අපිට නිවිසැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන්. ඒ වගේම අපිත් ඒ පැත්ත පළාත දිහා බලන්නේ නැහැ. (නි)
පිටබැද්දර ජයා Tuesday, 14 February 2017 11:07 PM
අපේ රටට අනවශ්‍ය විදියට අතපෙවූ මේගොල්ලන්ට වෙච්ච දෙයක්? (නි)