චීනයේ ගුවැංසු චිමලොං සගාරි උද්‍යාන ප්‍රදේශයේ දී පැන්ඩා මවක් තුන් නිවුන් දරුවන් බිහිකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පැන්ඩා පැටවුන් බිහිවන්නේ ඉතා සුළු වශයෙනි. පැන්ඩා මවක් එක් වරකට සාමාන්‍යෙයන් බිහිකරන්නේ එක් පැටවකු පමණි. උපත ලබන පැටවුන් ද ජීවත්වන්නේ ඉතා සුළු පිරිසකි.
පැන්ඩා අභිජනනය සම්බන්ධ චෙන්ජු පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ චීනයේ බිහිවන පැන්ඩා පැටවුන්ගෙන් ළදරුවිය ඉක්මවා ජීවත්වන්නේ සියයට 30ක පමණ ප්‍රමාණයක් බවයි. 1999 දී චීනයේ පැන්ඩා මවක් පැටවුන් දෙදෙනකු බිහි කළ ද ඉන් එක් පැටවකු දින තුනකට පසු මියගියේය.
දැනට නිරෝගී තත්ත්වයේ පසුවන මේ පැටවුන් ග්‍රෑම් 83, 90 හා 122 වශයෙන් බරින් යුක්ත බව උද්‍යාන භාරකරු කියයි. පරිසරවේදීන් පවසන්නේ තුන් නිවුන් පැන්ඩා පැටවුන් මින් පෙර වාර්තා නොවූ බවයි.
පැටවුන් බිහි කළ පැන්ඩා මව 12 වියැතිය. ‘ක්‍රිසාන්තිනම් සිනහව‘ යන අර්ථය එන අයුරින් ‘ජුක්සියෝ‘ යනුවෙන් මේ මවට නම් තබා ඇත. ක්‍රිසාන්තිනම් යන අලංකාර මලකි.
2025 නොවැම්බර් මස 04
376
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැන්ඩා මවට තුන් නිවුන් දරුවෝ
ධම්ම Tuesday, 19 August 2014 06:55 PM
වාර්තා පිහිටවූ පැන්ඩා අම්මාට දෙවි පිහිටයි! (නි)