ඇෆ්ගනිස්තානයේ 'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන් සහ තලේබාන් සටන්කාමීන් අතර අවි ගැටුම් උත්සන්න වී ඇති බවත් 600 කට වැඩි පිරිසක් එම ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන්ගේ සටන්කාමීන් මේ වනවිට 'පන්ජ්ෂීර්' නිම්නය මුළුමනින්ම වට කර තිබේ.
ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ තලේබාන් විරෝධී බටහිර හමුදාවට සහාය දැක්වූ සටන්කාමීන් 'පන්ජ්ෂීර්' නිම්නයට එක් රොක් වූහ. මෙම සටන්කාමීන් හැදින්වෙන්නේ 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' යන නමිනි.
මෙම සටන්කාමීන්ට නායකත්වය දෙන්නේ අහමද් මසූද් ය. තලේබාන් විරෝධී බලකායක් නිර්මාණය කළේ මසූද් ය. 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' මෙහෙයවන්නේ, ඇෆ්ගන් රජයේ උප ජනාධිපතිවරයාය.
බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ ජනාධිපති ලෙස කටයුතු කළ අෂ්රාෆ් ඝානී, තලේබාන්වරුන් කාබුල් අගනුවර අල්ලා ගනිද්දී රටින් පලා ගිය නමුත්, අම්රුල්ලා සලේ 'පන්ජ්ෂීර්' නිම්නයට ගොස් තලේබාන් විරෝධී සටන්කාමීන් සමඟ එක් විය.
'පන්ජ්ෂීර්' නිම්නය සම්පූර්ණයෙන් වට කරමින් බලය තහවුරු කර ගත් බව තලේබාන් සංවිධානය පවසා ඇති නමුත්, අම්රුල්ලා සලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දරුණු අවි ගැටුම් පැවැතියත්, තලේබාන් සංවිධානයට තවමත් 'පන්ජ්ෂීර්' නිම්නයේ පළාත් අත්පත් කර ගැනීමට නොහැකි වුණු බවය.
'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් පාලනයට එරෙහි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සිටින බවත්, ඔවුන් දිගටම තලේබාන්වරුන්ට එරෙහිව සටන් කරනු ඇති බවත් අම්රුල්ලා සලේ පවසා ඇත.
තලේබාන්වරුන් පවසා ඇත්තේ ඔවුනක් පිහිටුවන නව රජය විදේශ සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවය. ඇෆ්ගන් වැසියන් වෙනුවෙන් ෂරීයා නීතිය ට අනුව ජනතා හිතවාදී පාලන ක්‍රමයක් හඳුන්වා දෙන බවට තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී ඇත.
බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවත්, කාන්තාවන්ට කිසිදු බාධාවකින් තොරව රැකියා කිරීමට අවසර දෙන බවත් තලේබාන් සංවිධානය පවසා ඇත. තලේබාන් විරෝධී සන්නද්ධ පිරිස් පවසන්නේ තලේබාන් සංවිධානය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’පන්ජ්ෂීර්’ නිම්නයේ දරුණු ගැටුම්
Nabi Monday, 06 September 2021 09:40 AM
මේ අය මනුස්ස සංහතියටම හිසරදයකි.