
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් දස දහස් ගණනක් විරෝධතා පා ගමනකින් දිල්ලි අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.නව ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් සටන් පාඨ කියමින් ඔවුන් ගමන් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
කෘෂිකර්ම ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට විවෘත කිරීමට තමන් විරුද්ධ බව ගොවීහු පවසති.තමන්ගේ ගැටලු වලට පිළිතුරක් ලැබෙන තුරු සටන අත්නොහරින බවද ගොවීහු පවසති.
දිල්ලි නගරයේ පිවිසුම් ස්ථානවල මාර්ග බාධක යොදා ඇති අතර ආරක්ෂාව දැඩි කර ඇති හෙයින් විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීමට නොහැකි වී ඇත.
දිල්ලි හර්යානා දේශ සීමාවේ සෝදිසි කිරීම් සඳහා ඩ්‍රෝන කැමරා ද යොදාගෙන තිබේ.සමහර ස්ථාන වලදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවූ බවද ඔවුන් විසිරුවාහැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවද බලධාරීහු පවසති.
ගොවීන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස පන්ජාබ් මහ ඇමති අමරින්දර් සිං මහතා ද ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

(බීබීසී ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd