දුර්ලභ පැන්ගෝලියන් සතුන් 650ක් ශීතකරණ වල සඟවාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දුනීසියා   බලධාරීහු කියති.

මියගොස් සිටි සතුන් පොලිතීන් කවර වල බහා අධීශීතකරණ පහක ගබඩා කර තිබී ඇති අතර ශීතකරණ විශාල සංඛ්‍යාවක් තබාගැනීම සම්බන්ධව අවිශ්වාස කළ අසල්වාසීන් දුන් ඔත්තුවකට අනුව සොයා බැලීමේදි සිද්ධිය අනාවරණය වී ඇත.

කැබැල්ලෑවෙක් වැනි මෙම සත්වයාගේ ඉන්දුනීසියා් විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින සතකු ලෙස නම් කර ඇත.