පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට මාලදිවයින් රජය අද තීරණය කළ බව මාලදිවයින් විදේශ ඇමැති ආචාර්ය මොහොමඩ් අසීම් කියයි.
2012 වසරේ සිට විවිධ අවස්ථා වලදී සිදුවු ගැටළු කිහිපයක් හේතුවෙන් එම තීරණය ගත් බව එරට රජය කියයි. 1982 දී පොදුරාජ්‍ය මණ්ඩල සමාජිකත්වය ලබාගත් මාලදිවයින ට 2012 සිට අසාධාරණ ලෙස දණ්ඩන නියම කළ මාලදිවයින් විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.
“අපහසුවෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවෙනවා. අපි ඔවුන් සමග එක්වුණේ බොහෝ බලාපොරොත්තු තියාගෙන.වසර ගණනක් පොදුරාජ්‍ය මණ්ඩලය සමග සුහදව කටයුතු කළා.අපිට පුලුවන් උපරිමයෙන් ඔවුන් සමග කටයුතු කළා. අබ්දුල් යමීන් ජනපති සමයේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධන 110න් 94ක්ම පොදුරාජ්‍ය ප්‍රඥප්තියට අනුව සිදුකළා. අබ්දුල් ජනපති පාලන සමය නිමා වීමත් සමග මාලදිවයින් රජයට විරුද්ධව අසාධාරණ නීතී පැනවුවා. අප රජය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරිමට ගෙන ගිය වැඩපිළිවෙල ඔවුන් තේරුම් ගත්තේ නැහැ.අසාධාරණව අපිට දඩුවම් නියම කළා “යැයි එරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමීන් ලොක්කට හොදටම පිස්සු, හාල් පිටි සිනි වලට තිබුන සහනාදරෙත් කපල මිල දෙගුණ වෙලා. ඊලග ඡන්දෙන් හොද කෑමක් කනවා. (අ)