පසුගිය දශක දෙකක කාලය තුළ තමා විසින් පුද්ගලයන් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ බන්ධනාගාරයක සිරදඬුවම් විඳිමින් සිටින පුද්ගලයෙකු පාපොච්චාරණය කර ඇත.මොහු 78 හැවිරිදි සැමුවෙල් ලිටිල් නම් පුද්ගලයෙකි.
ඇමරිකානු ඉතිහාසයේ මෙවන් සිද්ධියක් මින් පෙර වාර්තා වී නොමැති බව ඇමරිකානු රහස් තොරතුරු සේවය පවසයි.
බලධාරීන් පවසන්නේ වර්ෂ 1970 සිය 2005 අතර කාලයේ සිදුවූ කාන්තා ඝාතනයන් හා මෙම පුද්ගලයාගේ පාපොච්චාරණයන් අතර සම්බන්ධතාවය සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
කෙසේ වුවද මිනීමැරුම් 34කට මොහු සෘජුවම සම්බන්ධ බව ගවේෂණ වලින් තහවුරු වී ඇති අතර තවත් බොහෝ ඝාතන සම්බන්ධ තහවුරුකිරීම් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
2014 වර්ෂයේදී කාන්තාවන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වීම හේතුවෙන් ලිටිල් මේ වනවිට සිරගතව සිටී.
මොහු විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඉතා සියුම් සාක්ෂියක් හෝ ඉතිරි නොවන පරිදි හා ඝාතනක් ලෙස හඳුනා ගැනීමට නොහැකි වන පරිදි සිදු කර ඇති බව පොලිසිය පවසයි.
ඒවා බොහෝ විට මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීම රිය අනතුරු හෝ ස්වාභාවික මරණ ලෙස බලධාරීන් විසින් නිගමනය කර ඇත.
ලිට්ල් මේ වන විට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහුගේ මරණය සිදුවන තෙක් ටෙක්සාස් බන්ධනාගාරය තුල ගතකිරීමට සිදුවනු ඇති බව පොලිසිය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
817
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2465
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුද්ගලයින් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ සිරකරුවකු පාපොච්චාරණය කරයි