වසර කෝටි 450ක් පමණ පැරණි උල්කාපාත කොටසක් ඕස්ට්‍රේලියාවේ අයර් විල අසල ප්‍රදේශයේ තිබී සොයා ගෙන අැති  බව විදෙස් මාධ්‍ය පවසයි. රාත්තල් තුනක් පමණ බර මෙම පාෂාණ කැබැල්ල අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් අතර ප්‍රදේශයක සිට පෘතිවිය දෙසට පැමිණ අැතැයි විද්‍යාඥන් නිරීක්ෂණය කැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ මේ උල්කාෂ්මය පෘථිවිය බිහිවෙන්නටත් පෙර නිර්මාණය වන්නට අැති බවයි.

පසුගිය නොවැම්බර් 27වනදා උල්කාපාතය පෘතිවි කක්ෂයට අැතුළු වන අයුරු දුරේක්ෂ වල සටහන්ව තිබූ බව ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් පවසයි. ඒය පතිත වුණු ප්‍රදේශය නිශ්චය කර ගැනීමෙන් පසු ඩ්‍රෝන යාත්‍රා හා අාදිවාසීන්ගේ උපකාර අැතිව  දින තුනක් තිස්සේ මහත් වෙහෙසක් දරා උල්කාපාතය සොයාගත් බවද ඔවුන් ප්‍රකාශ කැර අැත..

ඔවුන් විශ්වාස කරන්නේ මෙය සෞරග්‍ර‍හ මණ්ඩලය බිහිවීම පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට සහායක් වනු ඇති බවයි.