(බී බී සී පුවත් ඇසුරිණි - 085)


පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලොවක් ප්‍රථම වරට අනාවරණය කර ගැනීමට හැකිවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. ජී.ජේ.1132බී ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන් 1.4 ක විශාලත්වයෙන් යුතු වන අතර ආලෝක වර්ෂ 39ක් දුරින් පිහිටා ඇත. 
මෙම ග්‍රහලෝකය වටා ඝණ වායු ආවරණයක් පවතින අතර එය ජලය, මීතේන් හෝ ඒ දෙකෙහි සම්මිශ්‍රණයක් විය හැකි බව මේ සම්බන්ධ මත පල කරන එංගලන්තයේ කීලේ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ගේ මතයයි. ඔවුන් සොයාගත් මෙම තොරතුරු තාරකා විද්‍යා සඟරාවක ප්‍රකාශයට පත්කර ඇත. 
කෙසේ වුවද මෙම ග්‍රහලොවෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 370 ක් වැනි ඉහල අගයක පැවතීම නිසා මෙහි ජීවය පැවතීමට ඇති ඉඩ ඉතා සීමිත බවද ඔවුහු පවසති.