පෘථිවියේ ඔක්සිජන් මට්ටම ජීවය ආරම්භවීමට සුදුසු ආකාරයට පත්වූයේ මෙතෙක් සිතා සිටියාට වඩා බොහෝ පෙර කාලයක දී යැයි පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන ඇත. මෙතෙක් සිතා සිටියේ වසර බිලියන 2.4ට පෙර ජීවය ඇතිවීමට සුදුසු පරිදි පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් සංයුතිය ඇති වූ බවයි.
මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ ටෙනෙස්සී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබට් රයිඩින් විසිනි. මේ සඳහා අවශ්‍ය සාධක හමුවී ඇත්තේ කැනඩාවේ ඔන්ටෝරියෝ ප්‍රාන්තයේ ස්ටීප් රොක් ලේක් හි පිහිටි වසර බිලියන 2.8ක් පැරණි ගල් පර්වතයකිනි. පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ නොගැඹුරු හුදකලා මුහුදක්ව පැවති බවකි. ඒ ප්‍රදේශය හුණුගල් වලින් නිර්මාණය වී තිබී ඇත. ඒ හුණුගල් වසර බිලියන 2.8 ක කාලක සිට නොවෙනස්ව පැවති බව සනාථ වී තිබේ.
හුණුගල් නිර්මාණය වීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය සාධකයකි. එමගින් තීරණ්‍ය කළ හැකි වන්නේ අප දැන සිටින අතීතයට වඩා ඈතක සිට ඔක්සිජන් ජීවීන්ට සුදුසු ප්‍රමාණයකින් මිහිතලයේ පැවතුණු බවයි.
විද්‍යාඥයන්ගේ මතය වන්නේ පිරිසිදු ජලයෙන් ඔක්සිජන් ඇදගන්නා බැක්ටීරියාවක් ඔක්සිජන් ප්‍රභවය වන්නට ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෘථිවි ජීවය තවත් ඈතට යයි
සොඳ ගුනේ Sunday, 27 July 2014 09:57 AM
රහුමාන් වගේ මිනිස්සුත් මේ ලෝකේ තවත් ඉන්නවනේ අනේ. (නදී)
රහුමාන් Saturday, 26 July 2014 12:09 PM
බොරු වාර්තාවක්! ලෝකේ හැදුනේ එක රැයකින්! (නදී)
අංජන Saturday, 26 July 2014 12:12 PM
බුද්ද දේශනාව බොරු නෙමේ (නදී)
කුමාර් Sunday, 27 July 2014 11:17 AM
සමහර අයගේ වටිනා පොත්වල ලියල තියෙනවා ඉර හවසට බහින්නේ මඩ වලකට කියල, බොරු නම් ඔප්පු කරන්න. (නදී)
අසාම් Saturday, 26 July 2014 01:28 PM
රහුමාන් නොදන්නා දේවල් වලට පිළිතුරු ලියන්න එපා. ලෝකය එක රැයකින් හදුනා කියල කොහෙවත් කියල නැහැ. විශ්වය වසර බිලයන 13.7 කින් සහ පෘතුවිය වසර බිලියන 4.5 කින් හැදුනේ. මුළු විශ්වයම එක් මොහොතකින් හැදුනත් ජීවීන් ඇතිවීමට සුදුසු පරිසරය නිර්මානවීමට වසර බිලියන ගණනක් ගතවුණා (නදී)
ලක්ස් - කටාර් Saturday, 26 July 2014 03:23 PM
රාහුමාන් කියන විදිහට එහෙනම් බඩ දරු අම්මා කෙනෙක්ටත් එක දවසින් ළමයෙක් හම්බවෙන්න ඕනා. රහුමාන් කියන විදිහට මාස 10 බලාන ඉන්න එකේ කිසි තේරුමක් නෑ. ලැබිල තියන උතුම් මනුෂ්‍ය ජිවිතෙයන් යථාර්තය තේරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්ණ ගොඩාක් අඩු වෙවි. (නදී)
නුවන් Saturday, 26 July 2014 04:05 PM
සමහර අය තවම හිතන්නේ ලෝක ගෝලය මේසයක් වගේ කියල. (නදී)
එන්සි Saturday, 26 July 2014 04:51 PM
බුද්ද දේශනා සියල්ල සත්‍ය වෙමින් පවතින්නේ (නදී)