පෘථිවියේ ඔක්සිජන් මට්ටම ජීවය ආරම්භවීමට සුදුසු ආකාරයට පත්වූයේ මෙතෙක් සිතා සිටියාට වඩා බොහෝ පෙර කාලයක දී යැයි පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන ඇත. මෙතෙක් සිතා සිටියේ වසර බිලියන 2.4ට පෙර ජීවය ඇතිවීමට සුදුසු පරිදි පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් සංයුතිය ඇති වූ බවයි.
මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ ටෙනෙස්සී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබට් රයිඩින් විසිනි. මේ සඳහා අවශ්‍ය සාධක හමුවී ඇත්තේ කැනඩාවේ ඔන්ටෝරියෝ ප්‍රාන්තයේ ස්ටීප් රොක් ලේක් හි පිහිටි වසර බිලියන 2.8ක් පැරණි ගල් පර්වතයකිනි. පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ නොගැඹුරු හුදකලා මුහුදක්ව පැවති බවකි. ඒ ප්‍රදේශය හුණුගල් වලින් නිර්මාණය වී තිබී ඇත. ඒ හුණුගල් වසර බිලියන 2.8 ක කාලක සිට නොවෙනස්ව පැවති බව සනාථ වී තිබේ.
හුණුගල් නිර්මාණය වීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය සාධකයකි. එමගින් තීරණ්‍ය කළ හැකි වන්නේ අප දැන සිටින අතීතයට වඩා ඈතක සිට ඔක්සිජන් ජීවීන්ට සුදුසු ප්‍රමාණයකින් මිහිතලයේ පැවතුණු බවයි.
විද්‍යාඥයන්ගේ මතය වන්නේ පිරිසිදු ජලයෙන් ඔක්සිජන් ඇදගන්නා බැක්ටීරියාවක් ඔක්සිජන් ප්‍රභවය වන්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහුමාන් වගේ මිනිස්සුත් මේ ලෝකේ තවත් ඉන්නවනේ අනේ. (නදී)
බොරු වාර්තාවක්! ලෝකේ හැදුනේ එක රැයකින්! (නදී)
බුද්ද දේශනාව බොරු නෙමේ (නදී)
සමහර අයගේ වටිනා පොත්වල ලියල තියෙනවා ඉර හවසට බහින්නේ මඩ වලකට කියල, බොරු නම් ඔප්පු කරන්න. (නදී)
රහුමාන් නොදන්නා දේවල් වලට පිළිතුරු ලියන්න එපා. ලෝකය එක රැයකින් හදුනා කියල කොහෙවත් කියල නැහැ. විශ්වය වසර බිලයන 13.7 කින් සහ පෘතුවිය වසර බිලියන 4.5 කින් හැදුනේ. මුළු විශ්වයම එක් මොහොතකින් හැදුනත් ජීවීන් ඇතිවීමට සුදුසු පරිසරය නිර්මානවීමට වසර බිලියන ගණනක් ගතවුණා (නදී)
රාහුමාන් කියන විදිහට එහෙනම් බඩ දරු අම්මා කෙනෙක්ටත් එක දවසින් ළමයෙක් හම්බවෙන්න ඕනා. රහුමාන් කියන විදිහට මාස 10 බලාන ඉන්න එකේ කිසි තේරුමක් නෑ. ලැබිල තියන උතුම් මනුෂ්‍ය ජිවිතෙයන් යථාර්තය තේරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්ණ ගොඩාක් අඩු වෙවි. (නදී)
සමහර අය තවම හිතන්නේ ලෝක ගෝලය මේසයක් වගේ කියල. (නදී)
බුද්ද දේශනා සියල්ල සත්‍ය වෙමින් පවතින්නේ (නදී)