රුසියාවේ යවකර ලුණු (පොටෑෂ් )පතලක සිදුවූ ජලගැලීමකින් පසු යාබදව පතල්කරුවන් වාසය කරමින් සිටි ප්‍රදේශයක මහා ආවාටයක් ඇතිව තිබේ.
ලෝකයේ දෙවන විශාලම පොටෑෂ් නිෂ්පාදකයාට අයත් බව පැවසෙන මෙම පතලේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
ආවාටයේ මුවවිටෙහි විශ්කම්භය අඩි 100 ත් 130 ත් අතර වේ.
පතලේ ජලගැලීමට හසුවී හෝ ආවාටයට වැටී හෝ කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
ආවාටය ඇතිවීමට නිශ්චිත හේතුවක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබෙන අතර භූවිද්‍යාඥයින් අනුමාන කරන්නේ ජලගැලීමත්, බොහෝ කාලයකට පෙර මෙම ස්ථානයේ සිදුවන්නට ඇති භූමිකම්පාවක් නිසා පොළව යට අස්ථාවරව තිබෙන්නට ඇති පස් ස්ථරයකුත් නිසා මෙසේ ආවාටය නිර්මානය වන්නට ඇති බවයි.
පසුගිය සමයේ රුසියාවේ ඉහළ සයිබීරියාවේ ඇතිවූ මහා ආවාටයන් හා මෙම ආවාටය හා සබදතාවක් නොමැති බව දැනට විශ්වාස කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ සහ චීනයේ හැකියාව නිසා ලෝකයේ බොහෝ රටවල් කෙලින් සිටිනවා. රුසියාවට ජය. (ර)