IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පෘතුගාලයේත් මහමැතිවරණයේ ඡන්ද විමසීම අද

පෘතුගාල මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (6) ආරම්භ වූ අතර මැතිවරණයෙන් අගමැති ඇන්ටෝනියෝ කොස්ටා මහතාගේ සමාජවාදී පක්ෂය වැඩි වාසි අත්පත් කරගනු ඇතැයි පැවසේ.

කෙසේ නමුත් මහ මැතිවරණයේදී තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ඔවුන්ට නොලැබෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

එරට වේලාවෙන් උදෑසන 8.00ට ඡන්ද වීමසීම ආරම්භ වූ අතර සවස 7.00ට ඡන්ද විමසීම අවසන් වේ.

අගමැති කොස්ටා මහතාගේ පාලන සමයේදී අයවැය හිඟය අඩු වූ අතර පෘතුගාල ආර්ථිකය යුරෝපා සංගමයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය ද ඉක්මවා ගියේය. ඇමෙරිකානු ඩොලර් බිලියන 85ක ණය මුදලක් ලබාගැනීමේ අරමුණින් කලින් සිටි මධ්‍ය-දක්ෂිණාංශික පාලකයන් ගත් ජනප්‍රිය නොවන සීමාකාරී ආර්ථික ක්‍රියාමාර්ග වෙනස් කිරීමට ද අගමැති ඇන්ටෝනියෝ කොස්ටා මහතා සිය පාලන සමයේදී පියවර ගත්තේය.

ඇන්ටෝනියෝ කොස්ටාගේ සමාජවාදී පක්ෂය පසුගිය සිවුවසරේදී පාලනය බලය හෙබවූයේ දැඩි වාමාංශික මතයක් දරන පක්ෂ දෙකක සහයෝගය ද ඇතිවය. එම සහයෝගය ද ඇතිව බහුතරය නිර්මාණය කරගත් පාලක පක්ෂය ප්‍රමුඛ සන්ධානය එරට මධ්‍ය දක්ෂිණාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (පී.එස්.ඩී) පක්ෂය අභිබව ගියේය. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ සමයේදී පෘතුගාලයේ ප්‍රධාන පක්ෂ දෙක අතර පැවැති පරතරයද වැඩිවිය.

ඡන්ද විමසීමට පෙර ප්‍රකාශ කෙරුණු අවසන් මත විමසුම්වලට අනුව අගමැතිවරයාගේ සමාජවාදී පක්ෂය 36%ත් 39%ත් අතර සහයෝගයක් හිමි කරගෙන තිබූ අතර ප්‍රධාන විපක්ෂය වන පී.එස්.ඩී පක්ෂයට හිමි වී තිබුණේ 25%ත් 30%ත් අතර සහයෝගයකි.

පෘතුගාල පාර්ලිමේන්තුව ආසන 230කින් සමන්විතය. පෘතුගාලයේ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ අති බහුතරය ලබාගැනීමට නම් සියයට 42ත් 45ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය. මේ අනුව අගමැතිවරයාගේ සමාජවාදී පක්ෂයට තවත් පක්ෂයක සහාය ලබාගැනීමට සිදුවනු ඇතැයි පැවසේ.

(ඒඑෆ්පී ඇසුරිනි)
 
055



අදහස් (0)

පෘතුගාලයේත් මහමැතිවරණයේ ඡන්ද විමසීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site