පෘතුගාලයේ පොදු ස්ථානවල බුර්කාව සහ නිකාබ් වැනි මුහුණු ආවරණ තහනම් කිරීමට පෘතුගාලයේ පාර්ලිමේන්තුව නව පනත් කෙටුම්පතක් සම්මත කරගෙන ඇත.

ඒ අනුව, ආගමික අරමුණු මත මුහුණු ආවරණ අනවශ්‍ය බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට, සමාජ ඒකාබද්ධතාවයට සහ පොදු ආරක්ෂාවට මුල් තැන දී මෙම තීරණය ගත් බවත් පෘතුගාලයේ අන්ත දක්ෂිණාංශික චේගා පක්ෂය පවසා තිබේ.

නව නීතිය කඩ කරන්නන්ට යුරෝ 200 සිට 4,000 දක්වා දඩ නියම කළ හැකි වෙයි.

එමෙන්ම මෙම නව නීතිය යටතේ, බුර්කාව සහ නිකාබ් පලඳින්නැයි කාන්තාවකට කිසියම් අයකු බල කරන්නේ නම්, ඒ තැනැත්තාට, වසර තුනක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව ද පැවැසෙයි.

සම්මත වූ පනත් කෙටුම්පත නීතියක් බවට නීතියක් බවට පත් වීමට පෙර පෘතුගාලයේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිය යුතුය.

(බීබීසී)