IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට

ලිස්බන්හිදීය (රොයිටර්)

මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ.

අද (18) සවස් වනතුරුත් ගින්න නිවා ගැනීමට නොහැකිව තිබූ බව වාර්තා වූ අතර දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න මෙය යැයි ද වාර්තා විය.  

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශය මෙම ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂණත්වය ඉතා අධික විය. ගින්න හේතුවෙන් 43 දෙනකු මියගිය බව තහවුරු කළ හැකි බවත් ගිනි නිවන භටයන් ඇතුළුව 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පෘතුගාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තවත් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී තිබේ. 

(055)

සෙනසුරාදා (17) ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට පෘතුගාලයේ වනාන්තර 60ක් දක්වා පැතිරගොස් තිබෙන බවත් ගිනිනිවන භටයන් 1,700කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. ගිනි නිවීම සඳහා අසල්වැසි ස්පාඤ්ඤයෙන් ජලය හෙළන ගුවන් යානා දෙකක් ද පෘතුගාලයට එවා ඇතැයි එම වාර්තාවල දැක්විණි.

 



අදහස් (3)

පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට

roshan Sunday, 18 June 2017 06:33 PM

පන්සිල් රකිමු.

:       12       255

sidath Monday, 19 June 2017 02:39 AM

පන්සිල් සහ ලැව්ගිනි අතර මොකද්ද සම්බන්දෙ රොෂාන්? නිකන් බොරුවට මොන හරි උනාම ආගමේ දෙබස් අදාලකර ගන්න එපා. ලැව්ගිනි ඇතිවෙන්නේ වෘක්ෂ දේවතාවෝ පන්සිල් නොරක්කම වෙන්න ඇති? ස්වාබවධර්මය කරන දේවල් 100%ක් ස්වාභාාවිකයි ඒවාට දෙයියෝ අදාල කරගන්න එපා.

:       225       14

Padmini Monday, 19 June 2017 03:52 AM

පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..... යන්න හිතලා තමයි පන්සිල් රකිමු කියන්නේ... අපේ ජිවිත කොතන කෙලෙස නිම වේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site