දකුණුදිග යුරෝපා රාජ්‍යයක් වන පෘතුගාලයේ ලිස්බන් නුවර සිදුවුණු දුම්රිය අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව ද පැවැසෙයි.

අනතුරට පත්වූයේ කේබල් ආධාරයෙන් නගරය මැදින් දිවෙන මැදිරි කීපයකින් සමන්විත දුම්රියකි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. අනතුරින් දුම්රිය මැදිරි පොඩි පට්ටම් වුණු බවත්, මගීන් ඒවා තුළ සිරවුණු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.