IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුතා පමා වුණා වැඩියි

චීනයේ අන්හුයි ප‍්‍රාන්තයේ පදිංචිව සිටින තම බැලීමට යන්නෙමියි සිතා චීන ජාතික වැන්ග් නිවසින් පිටත්වූයේ පාන්දරමය.

මවගේ නිවසට ඔන්න මෙන්න කියා තිබියදී මාර්ගයේ පසෙක වැටී සිටි කාන්තාවක් ඔහුගේ නෙත  ගැටුණි.වයස්ගත කාන්තාවක් වූ ඇය සිටියේ නිසොල්මන්වය.අවට ලේ විසිර තිබිණ.

ඇයට උදවු කිරීමට ඔහුට සිත්වුවත් පසුව අදහස වෙනස් කරගත් ඔහු දිගටම තම මෝටර් රථය පැදවීය.වෙන කෙනෙක් ඇයට උදවු කරතියි ඔහු සිතීය.

අවසන ඔහු තම මවගේ නිවසට පැමිණියේය.නමුත් ඇය නිවසේ සිටියේ නැත.අසල්වාසියෙකුගෙන් විමසූ විට ඔහු වැන්ග් හා පැවසූයේ තම පුතු එන පෙරමගට ගොස් ඔහු පිළිගැනීමට යැයි කියා ඇය මද වෙලාවකට පෙර නිවසින් පිටත්ව ගිය බවය.

මේ ඇසූ වැන්ගේ හිස රත්විය. මහමග වැටී සිටි කාන්තාව එක්වරම ඔහුගේ සිහියට ආවේය.වහාම ඇය සොයාගිය ඔහු සිහිසුන්ව වැටී සිටි ඇය පරීක්ෂා කළ බැලූවේය.අවාසනාවට ඒ සිටියේ ඔහුගේ මවය.

වහාම පොලිසිය කැදවා ඇය රෝහල් ගත කිරීමට වැන්ග් කටයුතු කළද ඒ වන විට ප‍්‍රමාද වැඩිව තිබිණ.

මුලදීම මෝටර් රථය නවතා ඇයට උදවු කළේ නම් තම මව අද දිනයේත් ජීවතුන් අතර සිටින බව කියමින් වැන්ග් තවමත් පසුතැවෙන්නේය.

අන් අයට උදවු කිරීමට අවස්ථා එමට තිබුණත් එසේ උදවු කිරීමට ගොස් නැති ගැටලූ ඇතිවීමට තිබෙන ඉඩ නිසා දැන් අතීතයේ මෙන් යහපත් සමරිතානුවරුන් සොයාගත නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන අන්හුයි ප‍්‍රාන්ත පොලිසිය පවසයි.

වැන්ගේ මවට මරු කැදවූ ඝාතකයා සොයාගැනීමට මේ වන විට හැකිව තිබෙන අතර තම මෝටර් රථයේ ඇය ගැටුණු බවත් ඇය මියගියේයැයි සිතා බියවී තමන් පළාගිය බවත් ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

275DBE2900000578-3030077-image-m-14_1428485182332 275DBE3000000578-3030077-image-m-13_1428485160396



අදහස් (0)

පුතා පමා වුණා වැඩියි

තමරා Monday, 13 April 2015 07:22 AM

මවකගේ දරු සෙනෙහස කිසිවකට උපමා කල නොහැකිය. මොනි ඔබට නිවන් සුව පතමි (නදී)

:       0       0

රකිත් Sunday, 12 April 2015 06:11 PM

හරිම සංවේදී සිදුවීමක් (නි)

:       0       0

රජින්ද Sunday, 12 April 2015 06:11 PM

ආත්මාර්ථකාමීත්වයට ධර්මතාවය විසින් දෙන දඬුවම කුරිරු වුවත් එය පිළිගත යුතුය. ඒ ඔහු ඊට සුදුසු බැවිනි. (නි)

:       0       0

ශාන් Sunday, 12 April 2015 07:09 AM

යහපත් සමරිතානුවරයාගේ උපමාව මේකට කදිමට ගැලපෙනවා ,මොනවා උනත් ඒ මවට වුන දේට හරිම දුකයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site