
හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ නමැති ස්වයං චරිතාපදානය වෙළෙඳපොළට නිකුත් කෙරුණු අවස්ථාවේදී එහි පිටපත් මිලියන 1.4 ක් අලෙවි ව බව පැවැසෙයි.
‘ස්පෙයාර්’ කෘතිය එළිදැක්වීමට සතියකට පෙර සිට ඊට පුළුල් ප්‍රසිද්ධියක් මාධ්‍ය වෙතින් ලැබුණි. හැරී කුමරුන් බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් කෘතියට ඇතුළත් කළ කරුණු කාරණා ආන්දෝලනයක් ද ඇති කිරීමට සමත් වී තිබේ. ‘ස්පෙයාර්’ කෘතිය, භාෂා 16 කට පරිවර්තනය වී තිබේ. මිලියන 1.4 ක් විකිණී ඇත්තේ ඉංග්‍රීසි පිටපත් බව ද පැවැසෙයි.
බිරිඳ මෙගාන් මුල්කොට ගනිමින්, තම වැඩිමල් සොහොයුරා විලියම් කුමරු තමන්ට පහර දුන් බවත්, රජ පවුලේ සාමාජිකයන්ගෙන් මෙගාන්ට එල්ල වුණු කෙණෙහිලිකම් ගැනත් ‘ස්පෙයාර්’ කෘතියේ සඳහන් වෙයි. හැරී කුමරුන්ගේ මෙම චරිතාපදානය බ්‍රිතාන්‍ය රජ පවුලේ බෙදීමක් ඇති කිරීමට ද සමත් වී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ , සදලුතලයෙන් බිමට බට කුමාරිකාවකගේ කතාවක් නොව ... රජ මාලිගය හැර දමා , සියලුම සම්පත් අත්හැරදමා එක්තරා අන්දමක " අභිනිෂ්ක්‍රමනයක් " කල ...සාමාන්‍ය ජනතාව සමග සිටි...සාමාන්‍ය ජනතාවගෙන්ම කෙනෙක් තම බිරිඳ කරගත්..අපේ ලෝකයේ සුන්දර කුමාරයෙකුගේ " හදවතේ ඉකි ගැස්ම " අප කාටත් විඳිය හැකි ලෙස පොතක් බවට පත්වූ බවයි.