
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ 'ස්පෙයාර්' ස්වයං චරිතාපදානයේ පිටපත් ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. ඒ, එළිදැක්වූ සැණින් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වීමත් සමඟය.
වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වූ ප්‍රබන්ධ නොවන කෘතියක් ලෙස 'ස්පෙයාර්' ගිනස් වාර්තා අතරට එක් වන බව ගිනස් කමිටුව පවසා තිබේ.
'ස්පෙයාර්' කෘතියට පෙර වැඩිම අලෙවියක් වාර්තා කළේ 'ප්‍රොමිස් ලෑන්ඩ්' කෘතියයි. මෙය රචනා කළේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාය.
'ස්පෙයාර්' චරිතාපදානය එළිදැක්වීම සිදුවූයේ පසුගිය 10 වැනිදාය. එදින එහි පිටපත් මිලියන 1.43 ක් අලෙවි විය. 'ප්‍රොමිස් ලෑන්ඩ්' කෘතිය එළිදැක්වුණු අවස්ථාවේ අලෙවි වූයේ පිටපත් 8,878,000 ක් පමණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd