නෙළා නිම නොකළ බුදු රුවක් තමිල්නාඩුවේ ආඬිපත්ති රෝසල්පත්ති ගමෙන් සොයාගත් බව පාණ්ඩ්‍යනාඩු පර්යේෂණ මධ්‍යස්ථානය කියයි.

මෙම බුද්ධ රූපයේ මූර්ති ශිල්පීන් ජෛන ආගමට සම්බන්ධ බව පෙනේ යැයිද, පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පෙදෙසකින් එවැනි පිළිරුවක් සොයාගැනීම ඉතා දුර්ලබ දෙයක් බවද මෙම පිළිමවහන්සේ දසවැනි සියවසට අයත් බව පෙනේ යැයිද පුරාවිද්‍යාඥයෝ කියති.

එරමිණියා ගෙතූ පද්මාසන ස්වරූපයෙන් පිළිමවහන්සේ නෙළා ඇති බවත් සිරස සම්පූර්ණ කර නැති බවත්  පිළිමවහන්සේ නිරීක්ෂණය කළ විද්වත්හු කියති.

ගරා වැටුණු ශිව දේවාලයක තිබී එම ප්‍රතිමාව සොයාගෙන ඇත.

(හින්දු පුවත්පත ඇසුරෙනි)

BUDDHA201598