කොරෝනා ආසාදිතයන්ට ඉක්මණින් සුවය ලැබෙනවා යැයි පවසමින්, දකුණු අප්‍රිකානුවන් භාවිතයට ගන්නා, ‘අයිවමැක්ටින්‘ නමැති පණු බෙහෙත, කොරෝනා මර්දනය කරන ඔසුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘අයිවමැක්ටින්‘ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය.
‘අයිවමැක්ටින්‘ පණු බෙහෙත් පෙත්තට, කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බවත්, ආසාදිතයන් බොහෝ දෙනකු මෙම පණු බෙහෙත ලබා ගැනීමෙන් ඉක්මණින් සුවය ලබා ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේ පසුගිය සති අන්තයේය.
‘අයිවමැක්ටින්‘ පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසය සුව කරනවා යැයි විශ්වාසයෙන් ‘අයිවමැක්ටින්‘ ලබා ගැනීමෙන් වළකින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙයි.
ජිනීවාහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd