IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පණ බේරා රටින් පන්නයි

සරුංගල් යැවීම සඳහා පාවිච්චි කරන කැපෙන සුළු චීන නූලක් භාවිතා කිරීම ඉන්දියා රජය තහනම් කරයි. මාන්ජා නමින් හැඳින්වෙන මෙම නූලේ වීදුරු හා ලෝහ තවරා ඇත්තේ සරුංගලය උඩට යෑමේ දී සරුංගය යන මාර්ගයට එන කුරුල්ලන් මැරීම සඳහා බව කියති.

නව දිල්ලියේ දී මෙම නූල භාවිතා කරමින් සරුංගල් යැවීමේ දී තුන් හැවිරිදි දැරියක කාරයෙන් හිස එළියට දැමූ අවස්ථාවේ නූල බෙල්ලේ පැටලී බෙල්ල කැපී මිය ගිය බවත් විසි දෙක හැවිරිදි තරුණයෙකු යතුරුපැදියෙන් ගමන් කරද්දී නූල බෙල්ලේ පැටලී යතුරුපැදියෙන් බිමට වැටී මියි ගිය බවත් නව දිල්ලි පොලිසිය කියයි

hd-image-of-kites-manja-thread

 



අදහස් (0)

පණ බේරා රටින් පන්නයි

අජිත් කරුණාරත්න Friday, 19 August 2016 02:28 AM

දොම්පේ ප්‍රදේශයේදී සරුංගල් යවන්න ගිය කුඩා දරුවෙකු වැඩ අවසන් නොකළ නිවසක කොන්ක්‍රීට් තට්ටුවකින් බිමට වැටී මීට දින තුනකට කලින් අවාසනාවන්ත ලෙස මියගියා. මීට වසර කිහිපයකට ඉහතදී මෙම ප්‍රදේශයේම දරුවෙකු සරුංගලය පසුපස උඩ බලාගෙන ගොස් පාලු ළිඳකට වැටී මියගියා. ඒත් මේ දරුවන් මේවා පාඩමකට ගන්නේ නැහැ. (නි)

:       0       0

ජයසිරි Thursday, 18 August 2016 04:10 AM

මේක නුලේ වරද නෙවී සරුංගල් යවන අයගේ වරද මොකද මහා පාරේ සරුංගල් අරින්නේ (බ)

:       0       0

දයානි Wednesday, 17 August 2016 01:59 PM

මොන රටින් බාරනොගත්තත් මේවා ලංකාවේ බාරගන්නවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 17 August 2016 10:41 PM

අපිත් පොඩි කාලේ මේවා කළා. එහෙම කළේ කුරුල්ලන් මැරීමට නොවෙයි, අපේ සරුංගල් පටලවා ගැනීමට එන අනික් සරුංගල් වලින් බේරීම සඳහා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 August 2016 11:48 PM

ජයසිරි, මහපාරේ නැතුව කොළඹ ළමයි වෙන කොහේ සරුංගල් අරින්නද? අපි එහෙම කළ නිසා කියන්නේ. ඒ කාලේ පාරේ හැම ලයිට් වයර් එකකම සරුංගල් පැටලිලා (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 22 August 2016 04:52 AM

පොඩි වයසේදී සරුංගල් අරින්නේ නැතිනම් , ඒ ළමා වියෙන් වැඩකුත් නැහැ .මහළු වුණාම කොහොමත් සරුංගල් අරින්න බැහැනේ, මේවගේ අනතුරු කලින් හදුනාගෙන ,එවැනි අවදානම් දෑ වලින් දරුවන් බේරාගැනීම තම්මයි වැඩිහිටියන්ගේ වගකීම .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 604 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site